SKIP TO MAIN CONTENT

ලක්ෂ ගණනක විරෝධතා හමුවේ G 20 සමුළුවට පෙර ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය අතර විශේෂ සාකච්ඡාවක්.

German voters in Australia believe that Malcolm Turnbull could learn a few lessons from Angela Merkels often compromising leadership style.
German voters in Australia believe that Malcolm Turnbull could learn a few lessons from Angela Merkels often compromising leadership style. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජර්මනියේ දී අද ආරම්භ වීමට නියමිත G20 සමුළුවට විරෝධය පාමින් Hamburg  නුවර ඊයේ (06/07) පැවති විරෝධතාවයේ විරෝධතා කරුවන් විසුරුවා හැරීමට  ජර්මානු පොලීසිය විසින් ජල සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කර  ඇති බව වාර්තා වේ.

අද (07/07) සහ හෙට (08/07) දිනයේදී පැවැත්වෙන මෙවර G20 සමුළුවට විරෝධය පාමින් විරෝධතාකරුවන් ලක්ෂයක් පමණ රැස්ව සිටි බව වාර්තා විය.

මේ අතර සමුළුවට මත්තෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජර්මානු චාන්සලවරිය වන ඇන්ජලා මර්කල් සමග සාකච්ඡා පවත්වා ඇති බවද සඳහන්.

ත්‍රස්තවාදයට, රැඩිකල්වාදයට එරෙහි වීම සහ සයිබර් ප්‍රහාර වලට මුහුණ දීම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ වූ පැරිස් සම්මුතිය පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇත.

එමෙන්ම දෙරට අතර විවෘත වෙළෙඳ ක්‍රියාවලියක් පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන්වී තිබේ.

මේ අතර උතුරු කොරියාවේ නවතම මිසයිල අත් හදා බැලීම පිළිබඳ මෙවර ලෝක නායකයින්ගේ අවධානය ප්‍රධාන  වශයෙන් යොමු වනු ඇතැයිද අගමැති ටර්න්බුල් විශ්වාස කරයි.

මෙවර G20 සමුළුවේදී ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ප්‍රධාන වශෙයන් සාකච්ඡාවට බඳුන් වනු ඇති බව ජර්මනියට ගොස් සිටින ඔස්ට්‍රේලියානු මුල්‍ය අමාත්‍ය  Mathias Cormann, Sky  පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now