SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවේ හැසිරීම ගැන කතා කරන්න ටර්න්බුල් - ට්‍රම්ප් දුරකථන ඇමතුමක.

Turnbull - Trump to discuss North Korean threat in phone call.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සහ ඉන් කලාපයට ඇතිවන බලපෑම පිළිබඳ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද (06/09) උදෑසන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

උතුරු කොරියාව පසුගිය ඉරිදා අධි බලැති හයිඩ්‍රජන් හෙවත් ජලකර බෝම්බයක් අත්හදා බැලූ අතර එය පසුගිය සමයේ ඔවුන් සිදු කළ හයවන න්‍යෂ්ඨික අත්හදා බැලීම ලෙසද වාර්තා වේ.

මේ අතර උතුරු කොරියාවේ මෙම ක්‍රියා සම්බන්ධයෙන් චීනය වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව යන රටවල් ද්විත්වයේම නායකයින් ප්‍රකාශ කර සිටියි.

මේ අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිනී Marise Payne මේ සම්බන්ධ සාකච්ඡා කිරීමට අද පස්වරුවේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now