!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! Superannuation වෙනස් කම් කෙරේ විවිද පක්ෂ වල ඇති වූ කතා බහ

Turnbull රජයට සිය superannuation බදු ක්‍රම සංශෝධනයට බලපෑම් එල්ල වී තිබෙනවා. රජය අය වැයෙන් ධනවතුන්ට පමණක් බලපෑම් වේ යයි පැවසුවත්, කම්කරු හා සන්ධාන සාමාජිකයන් පවසන්නේ මධ්‍යම ආදායම් ලාභීන්ටත් එසේ ගැටළු ඇති විය හැකි බවයි.

Federal Greens Senator Sarah Hanson-Young speaks to journalists at a news conference at Parliament House in Canberra, Monday, May 18, 2015. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Source: AAP

ග්‍රීන්ස් පක්ෂ සෙනට් සභික Sarah Hanson-Young superannuation පිලිබඳ ප්‍රතිපත්ති විස්තර කිරීමේදී යම් අසීරුවකට පත් වී තිබෙනවා. මේ හා සමාන සිදුවීමක් ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායක Julie Bishop ටත් සිදුවුණා.

පසුගියදා ABC ගුවන් විදුලියේ සාකච්චාවකට එක්වෙමින් Sarah Hanson-Young පවසා සිටියේ superannuation සඳහා ආදායම් වලට සමාන බදු ය කිරීම සිය පක්ෂය සිදු කිරීමට අදහස් කර ඇති බවයි. එය එවිට සැමට සධාරණ නොවේ දැයි ඇය ප්‍රශ්න කර සිටිනවා. නමුත් එම සාකච්චාවටම සහභාගී වූ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Mark Butler එය අසාමාන්‍ය අදහසක් ලෙස ප්‍රකාශ කළා. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ Sarah Hanson-Young හරි හැටි ග්‍රීන්ස් පක්ෂ මතය විස්තර කලාද යන්න සැක සහිත බවත්, එවන් ප්‍රතිපත්තියකින් වසර 30ක් තිස්සේ එක්කල විශ්‍රාම ගිණුම් අවසන් වී යා හැකි බවත්.

ඉන් පසුව ඇය ඇයට සිදුවූ  වැරැද්ද නිවැරදි කර කියා සිටියේ ක්‍රමයෙන් වැඩි වන බදු අගයක් ඉදිරිපත් කරන බවයි.

පසුගියදා තවත් මෙල්බන්හි  ගුවන් විදුලි සාකච්චාවකදී Julie Bishop මහත්මියට සන්ධානයේ superannuation විශ්රාම කාලයට මාරු වීමේ යෝජනාව  විස්තර කර ගත නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

Malcolm Turnbull
announced $15 million to expand the Incubator Support Program to help startups accessing funding. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP

එසේම Turnbull රජයට සිය superannuation බදු ක්‍රම සංශෝධනයට බලපෑම් එල්ල වී තිබෙනවා. රජය අය වැයෙන් ධනවතුන්ට පමණක් බලපෑම් වේ යයි පැවසුවත්, කම්කරු හා සන්ධාන සාමාජිකයන් පවසන්නේ මධ්‍යම ආදායම් ලාභීන්ටත් එසේ ගැටළු ඇති විය හැකි බවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Ian Goodenough පවසන්නේ මෙම වෙනස්කම් වලට විරෝධය පල කරන කරුණු රැසක් හමු වී ඇති බවත් ගැටලුව වන්නේ මෙම සංශෝධන නතර කල හොත් රජය ආදායම් ලබා ගන්නේ කෙසේද යන්නයි.

විපක්ෂයේ superannuation පිලිබඳ ප්‍රකාශක Jim Chalmers පවසන්නේ අය වැය ඉදිරිපත් වී මසකින් පසුව දැන් එය මතබේදයට තුඩු දී ඇති බවයි.

ඔහු පවසන්නේ රජයේ superannuation විශ්රාම කාලයට මාරු වීමේ යෝජනාව වසර 4කින් ඩොලර් මිලියන 640ක් ඉතිරි කර දෙන බව කීවත් එය ඉහල හා පහල තරාතිරම් වල ජනතාවට බලප හැකි බවයි.

මෙම ක්‍රමය යටතේ සේවකයන්ට තම වැටුපින් අමතර මුදල් superannuation වෙත එක කිරීමෙන් බදු අඩු කර ගත හැකි අතර එම මුදල් විශ්‍රාම ආදායම් ලෙස super ගිනුමින් ලබා ගත හැකියි. superannuation සහන ලෙස බදු වලට යටත් වන නිසා එමගින් අඩු ආදායම් බදු ගෙවීමක්ද සිදුවෙනවා.

Chalmers මහතා පවසන්නේ මෙම ක්‍රමය නිසා ආදායම් වැඩි පුද්ගලයන් පමණක් නොව මද්යම ආදායම් ලාභීන්ද බලපෑමට ලක් වන බවට තමාට සාක්ෂි ලැබී ඇති බවයි.

කම්කරු පක්ෂය මෙම superannuation වෙනස් කම් කෙරේ මැතිවරණයට පෙර ප්‍රතිචාර දක්වාවි. නමුත් superannuation සංශෝධන ඉතා ප්‍රවේශමෙන් කල යුතු බවත් ඔහු පවසනවා. වාර්තා වන අන්දමට මැයි අයවයෙහි මෙම යෝජනාව සන්ධාන අනුමැතිය සඳහා නොගොස් ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් සන්ධාන රජය බලයට පත් වුව හොත් මෙම යෝජනාව පසුපෙළ මන්ත්‍රී කමිටුවකට සාකච්චාවට යොමු කොට, පක්ෂයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වනු ඇති.

අග්‍රාමාත්‍ය  Malcolm Turnbull,  Brisbane හිදී පවසා තිබුනේ සියලු අය වැය යෝජනා රජයේ, කැබිනට් මණ්ඩලයේ සහ පක්ෂයේ සහය ලබා ගත බවයි. නමුත් මෙමගින් මද්යම ආදායම් ලාභීන්ට 15%ක බදු ප්‍රතිශතයකට යටත් වීමට සිදු වන නිසා, යම් බලපෑමක් සිදු වන බවද ඔහු පවසා තිබෙනවා. එය කුඩා බදු වැඩිවීමක් ලෙසත්, පද්ධතිය සාධාරණ කිරීමටට එසේ කරන බවත් Turnbull මහතා පවසා සිටිනවා.

රජයේ සහකාර භාණ්ඩාගාරික Alex Hawke පවසන්නේ මෙම වෙනස ඕස්ට්‍රේලියානුවන් 115,000 පමණක් බලපාන බවයි. ඔහු Sky පුවත් සේවයට පවසා ඇත්තේ සන්ධානය තුල සැම සංශෝධනයක් කෙරෙම සාකච්චා ඇති වූ බවත්, ඊට විරෝධය ඇති වීමක් පිලිබඳ ඔහු පිළිගෙන නැහැ.

කැබිනට් ලේඛම් Arthur Sinodinos පවසන්නේ අය වැය ඉදිරිපත් කිරීමට පෙර සියලු යෝජනා පිලිබඳ සාකච්චා නොවූ බවයි. ඔහු Sky පුවත් සේවයට පවසා ඇත්තේ සන්ධානය බලයට පත් වුව හොත්, පක්ෂය තුල නැවත මෙම යෝජනා සලක බලන බවත් , සියලු ප්‍රජාවන් අය වැය ධනාත්මක කිරීමට ඔවුන් ගේ දායකත්වය ලබා දීමට මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.


3 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now