SKIP TO MAIN CONTENT

"..ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.."Shorten ගේ ප්‍රතිපත්තිද ? Turnbull ගේ පෞරුෂයද

Australian Prime Minister Malcolm Turnbull and Australian Opposition Leader Bill Shorten react at the end of a leaders debate hosted by Facebook Australia and News.com.au in Sydney, Friday, June 17, 2016.  (AAP Image/Lukas Coch/POOL) NO ARCHIVING
Australia and News.com.au in Sydney, Friday, June 17, 2016. (AAP Image/Lukas Coch/POOL) NO ARCHIVING Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

වාර්තා වන අන්දමට පසු ගිය මාස කිහිපය ඇතුලත ප්‍රධාන පක්ෂ 50/50 ලෙස ජයග්‍රහණය කෙරේ ඉඩ තිබුනත් , තවමත් අවිනිශ්චිත චන්ද 20%ත්, කාන්තාවන් හා අවු . 25 අඩු චන්ද පිලිබ්නද සලකා බලා නැහැ. පසුගිය මැතිවරණයට වඩා වෙනස් කම් දක්නට ලැබෙන බවත් , රට පුරා විශාල වෙනස්කම් ඇති ප්‍රතිපල ලැබිය හැකි බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම සාම්ප්‍රදායික කම්කරු ආසනයක් ග්‍රීන්ස් පක්ෂය නිසා අහිමි වී යා හැකියි.

සියලු සමීක්ෂණ වලින් කියවෙන්නේ කවුරු ජයග්‍රහණය කරාවිදැයි පැවසිය නොහැකි බව.

65%ක් දෙන සිතන්නේ ප්‍රධාන පක්ෂ චන්ද ලබා ගැනීමට ඕනෑම පොරොන්දුවක් දෙන බවත් 30%ක් සිතන්නේ එම පොරොන්දු ඉටු වේ යයි යනුවෙන්. ඒ අනුව රටෙන් 3න 2ක් ම රජයේ හෝ කම්කරු පොරොන්දු විශ්වාස කරන්නේ නැහැ. මහා පරිමාන ව්‍යාපාර පිලිබඳ වැඩි සැලකිලි (ලිබරල් 65%/කම්කරු 35%), සම්මානය ජනය පිලිබඳ හන්ගීමක් නැති වීම (ලිබරල් 63%/කම්කරු 46%), වැඩ කරන ජනතාව පිලිබඳ අවධානය (ලිබරල් 31%/කම්කරු 56%) ලෙසින්ද ජනතා මත ප්‍රකාශ වී තිබේ.

ඒ අනුව කම්කරු පක්ෂය හොද තරගයක්  දී තිබෙනවා. නමුත් ඒ නායකයන්ගේ පෞර්ෂය පිළිබඳව සලකා බලන තුරුයි..

ප්‍රතිපත්තිද? ප්‍රතිරුපයද ?

ඔස්ට්‍රේලිය්යව westminister ක්‍රමය එනම් පක්ෂ වලට චන්දය දීමත් නායකයන් සලකා නොබලන බව පැවසුවත් නායක පෞර්ශයන්ද බලපානවා. ඒ අනුව බොහෝ දෙනෙකුට ආර්ථික දැනුම , වෙනත් ක්ෂේස්ත්‍ර දැනුම අඩු අතර පක්ෂ වල සියලු ප්‍රතිපත්ති සලකා බැලීම සිදු කරන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් තමා නිවැරදි යයි සිතන විකල්පය වෙත යොමු වෙන නිසා ඒ සඳහා පක්ෂ නායකයා ගේ චරිතයත් ඔහු කෙසේ පාලනය කරාවිද යන අදහස බලපෑමක් කරනවා.

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now