ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සමාගම් දෙකක් අල්ලස් චෝදනාවලට ලක්වී ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙම සමාගම් ද්විත්වය විදේශ රටවල් සමග කළ ගනුදෙනු වලදී සිදු වූ යම් මුදල් ගනු දෙනු මෙසේ අල්ලස් චෝදනාවන්ට ලක් වී ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව ඉන් එක් විදේශ රටක් වන අතර බංගලාදේශය සහ කොන්ගෝ ජන රජය අනෙක් රටවල් වේ.
ඔස්ට්‍රේලියාවේ Fairfax Media මාධ්‍ය ආයතනය සහ ABC රුපවාහිනියේ 7.30 මෙම හෙළිදරව්ව සිදු කර තිබේ. ඒ අනුව පර්ත් නුවර Sundance Resources සමාගම කොන්ගෝ ජන රජයේ ජනාධිපති Denis Sassou Nguesso ගේ පවුලේ සාමාජිකයන් හා සම්බන්ධව සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගනු දෙනු පිළිබඳ හෙළිදරව්වක් සිදුව ඇති අතර සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක් වන Snowy Mountain Engineering සමාගම ශ්‍රී ලංකාව සමග සිදු කළා යැයි පැවසෙන අල්ලස් ගනු දෙනුවක් ද හෙළි වී තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ එම පක්ෂයට යම් පරිත්‍යාග මුදලක් සඳහා කළ ඉල්ලීමක් මේ සඳහා මුල්වී ඇති බවට තොරතුරු ලැබේ.
මෙම කරුණු තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අල්ලස් විරෝධී නීති රාමු ප්‍රතිස්ථාපනය කිරීමට ටර්න්බුල් රජයට ඉමහත් බලපෑමක් සිදු වනු ඇත.
Snowy Mountains Engineering (SMEC) සමාගමේ විදේශීය මෙහෙයුම් පිළිබඳ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය මේ වන විට තොරතුරු රැස් කරමින් සිටියි.
අයුතු ලෙස මුදල් ඉල්ලු ඊ මේල් වල ජනපති මෛත්‍රීපාල ගේ නමත්

ABC 7.30 අනාවරණය කරන පරිදි SMEC ශ්‍රී ලංකාවේ කසළ ශෝධන ව්‍යාපෘතියකට මුල්‍යාධාර සැපයීමේදී සහ 2007 වසරේ බංගලාදේශයේ කුඩා ප්‍රමාණයේ බලශක්ති මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්‍යාධාර සැපයීමේදී මෙම අල්ලස් ගනුදෙනු සිදුව තිබේ.
එම සමාගමේ අභ්‍යන්තර ඊ මේල් පණිවිඩ වලින් හෙළිවී ඇත්තේ 2009 වසරේදි SMEC ශ්‍රී ලංකා කළමනාකරු සහ එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකයකු ඩොලර් මිලියන 1.8ක් වූ අදාල ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර දේශපාලනික මුල්‍ය අනුග්‍රහයක් සඳහා ඉල්ලීමක් සිදු කර ඇති බවයි.
SMEC ශ්‍රී ලංකා කළමනාකරුගේ ඊ මේල් පණිවිඩයක තිබී "The minister ... wants to know whether SMEC could make a donation for the elections," යන කරුණ හමුවී තිබේ. ඉන් අනතුරුව සිරිසේන මහතාගේ සන්බන්ධීකාරක ලේකම් වරයාගෙන් ලද ඊමේල් පණිවිඩයක තිබී “Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value."
ABC 7.30 මේ පිළිබඳ සිරිසේන මහතාගෙන් විමසීමක් සිදු කර ඇති නමුත් ඊට ප්‍රතිචාර තවමත් ලැබී නොමැති බව වාර්තා වේ.
මීට අමතරව SMEC සමාගම විසින් ගෙවීමට අපේක්ෂා කරන මෙම අයුතු මුදල් වල ප්‍රමාණය පිළිබඳ අමාත්‍යවරයා සහ සන්බන්ධීකාරක ලේකම් වරයාව දැනුවත් කිරීම උදෙසා SMEC ශ්‍රී ලංකා කළමනාකරු ලියන ලද තවත් ඊමේල් පණිවිඩයකින් මෙම කරුණට තවත් සාක්ෂි සැපයී ඇති බව පැවසේ. SMEC ශ්‍රී ලංකා කළමනාකරුගේ තවත් ඊමේල් පණිවිඩයක සටහන් වී ඇත්තේ නිර්නාමික පක්ෂ සඳහා සිදු කිරීමට අපේක්ෂිත මෙම ගෙවීම් සඳහා ඔහුට ප්‍රමුඛතා සකස් කිරීමට අවශ්‍ය බවයි. .
මේ පිළිබඳ SMEC සමාගමෙන් කළ විමසීමකදී එසේ දේශපාලන ආධාර ඉල්ලු බව ඔවුන් සනාථ කර ඇත. නමුත් සමාගම ප්‍රකාශ කළේ එවන්වූ කිසිඳු මුදල් ගෙවීමක් සිදු කළ බවට මෙතෙක් සොයා ගෙන නොමැති බවයි.
අල්ලස් ගනුදෙනු පරීක්ෂණවල කොන්ගෝ ජනපතිගේ නමත්

Sundance Resources සමාගම කොන්ගෝ ජන රජයේ Mbalam‐Nabeba නම්වූ යපස් ව්‍යාපෘතිය සඳහා අල්ලස් චෝදනාවකට ලක්වී තිබේ. ඒ අනුව පර්ත් නුවර Sundance Resources සමාගම කොන්ගෝ ජන රජයේ ජනාධිපති Denis Sassou Nguesso ගේ පවුලේ සාමාජිකයන් හා සම්බන්ධව මෙම ගනු දෙනු සිදුව ඇතැයි වාර්තා වෙන අතර 2006 සහ 2007 වසර වලදී මෙම සිදුවීම සිදුව ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ඒ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ මේ වන විට පවත් වන බවත් සඳහන්.

