SKIP TO MAIN CONTENT

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් මරුමුවට පත්වෙයි.

car crash.
car crash and flipped.

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේදී ඊයේ (20) අලුයම ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌, කාර්මික දෝෂයකට ලක්‌ව මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක හා ඇගේ සිවු හැවිරිදි දියණිය මරුමුවට පත්වී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් සිවු දෙනකු සහ කන්ටේනර් රථයේ රියෑදුරු කළුතර, නාගොඩ සහ ඇල්පිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මියගොස්‌ ඇත්තේ 37 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන කොලින් ලුවිස්‌ මොනිකා සහ ඇයගේ සිවු හැවිරිදි දියණිය කොලීන් පොපී ගේබ්‍රියල් යන අයවලුන් බවද වාර්තාවී තිබේ.

කොට්‌ටාව සිට ගාල්ල දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. මියගිය දෙදෙනාගේ මෘත ශරීර ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වල තැන්පත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now