අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන සාපරාධි වෙළෙඳ පොළවල් දෙකක් වසා දැමේ.

Two biggest online black markets have been shut down.

Source: CNN

මත්ද්‍රව්‍ය, ඖෂධ වර්ග, ගිනි අවි ඇතුළු තහනම් කළ භාණ්ඩ රාශියක් අන්තර්ජාලය ඔස්සේ මිලට ගැනීමේ පහසුකම් සලසා දෙන ලෝකයේ අංක එකේ වෙබ් අඩවියක් වන Alphabay  වෙබ් අඩවිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසා දමා ඇති බව වාර්තා වේ.

ඩොලර් 30 ක් වැනි ඉතා සුළු මුදලකට ඔස්ට්‍රේලියාවේ Medicare  කාඩ්පත් අංක අලෙවි කරනු ලැබුවේද මෙම වෙබ් අඩවිය හරහා බව හෙළිවී ඇත.

නීති විරෝධී ලෙස  Medicare  කාඩ්පත් අංක  අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම පිළිබඳ මේ වන විටත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පරීක්ෂණයක් පවත්වමින් සිටියි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ලෝකයේ තවත් එවැනිම හොර වෙළඳ පොළක් වන Hansa Market වෙබ් අඩවියද වසා දැමීමට නෙදර්ලන්තය කටයුතු කර ඇත.

Alphabay   සහ Hansa Market යනු අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන සාපරාධි වෙළෙඳ පොළවල් ත්‍රිත්වයෙන් දෙකක් බව යුරෝපානු කලාපයේ නීති බලාත්මක කිරීමේ Europol ආයතනයේ ප්‍රධානී  Rob Wainwright පවසයි.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now