වික්ටෝරියා ප්‍රාන්තයේ කලාප දෙකකට ලැව් ගිනි අවදානම් තත්ත්ව ප්‍රකාශයට පත් කෙරේ

آتش سوزی های استرالیا

Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Tamboon සහ Wabonga යන කලාප වලට ලැව් ගිනි අවදානම් තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබේ.

නැගෙනහිර Tamboon කලාපයේ හටගත් ලැව් ගිනි ශීග්‍රයෙන් ඇවිලෙමින් පාලනය කළ නොහැකි තත්ත්වයක් යටතේ Tamboon නගර සීමාවට පැමිණෙමින් පවතින බව හදිසි සේවා බලධාරීහු පවසති.

එනිසා Furnell, Tamboon සහ Tamboon South යන නගර වල වෙසෙන ජනතාවට හැකි ඉක්මණින් තම වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට ඔවුහු දැනුම් දෙති.

මේ අතර Abbeyard කලාපයේ හටගත් ලැව් ගිනි ද පාලනය කළ නොහැකි අන්දමින් පැතිරෙන බව වාර්තා වේ.

එම ලැව් ගිනි Rose River Valley කලාපය දෙසට පැතිරෙමින් පවතින බව සඳහන්.

එනිසාම එම ප්‍රදේශ වල තත්ත්වය දරුණු වීමට පෙරාතුව අදාළ ප්‍රදේශ වල පදිංචිකරුවන්ට වහාම තම වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට හදිසි සේවා බලධාරීහු දැනුම් දෙති.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now