සිඩ්නි - මෙල්බන් දුම්රිය පීලි පැනීමෙන් දෙදෙනෙකු මිය යයි (SBS සිංහල / වාර්තා)

s

Source: SBS

Country Fire Authority ආයතනය පවසන්නේ මෙසේ සිඩ්නි සිට මෙල්බන් අතර ධාවනය වන ඩීසල් දුම්රිය මෙල්බන් නගරයට කිලෝ මීටර් 45ක් පමණ දුරින් ඇති Wallan හිදී අනතුරට ලක් වූ බවයි. හදිසි සේවා අංශ මෙහිදී සහය සදහා පැමිණ ඇති අතර සිඩ්නි - මෙල්බන් දුම්රිය මාර්ගය වසා තිබේ. මෙහිදී දුම්රිය රියදුරු හා තවත් සේවකයෙක් මරණයට පත්ව තිබේ.

d
Source: Twitter

මෙම දුම්රිය ඊයේ උදැසන 7.45ට පමණ සිඩ්නි Central දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කල අතර මෙල්බන් හි Southern Cross දුම්රිය ස්ථානයට සවස 6.30ට පැමිණීමට නියමිතව තිබුණි . අනතුර සිදුවූ ස්ථානයට හෙලිකොප්ටර් යානා සහයද ලැබී ඇත. මෙම දුම්රිය පැය 2ක් පමණ ප්‍රමාද වී ගමන් කරමින් සිටි අතර එහි 153ක් පමණ මගීන් සිටි බව වාර්තා වේ. තවත් 20 දෙනෙකු පමණ පිළිබද තොරතුරු නොමැති හෙයින් දුම්රියට ටිකට් පත් ගෙන ගොඩ නොවූ පුද්ගලයින් වහාම වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ

d
Source: Twitter

මෙහිදී තුවාල ලැබූ වයස අවු 60ක පමණ අයෙක් ගුවනින් මෙල්බන් වෙත ප්‍රතිකාර සදහා ගෙන ගොස් ඇති අතර, 11 දෙනෙකු රෝහල් වෙත ගෙන ගොස් තිබේ. ඇවිදීමට හැකි වූ පිරිසට හදිසි සේවා ලබා දුන් ස්ථානයට ගමන් කිරීමට හැකිව තිබේ. ඊයේ රාත්‍රී 9 වන විට සියලු බේරා ගැනීම් අවසන් කිරීමට හැකි වූ බව CFA ආයතනය පවසයි.කම්පනයට පත් වූ මගීන් ඉන් පසු මෙල්බන් බලා බස් මගින් ගෙනවිත් ඇත. පොලිස් පරීක්ෂක Peter Fusinato පවසා ඇත්තේ සිදුවී ඇති හානියේ තරමට එතරම් තුවාල කරුවන් නොමැති වීම වාසනාවක් බවයි. මරණයට පත් වුවන් රියදුරුගේ මැදිරියේ ගමන් කරමින් සිටි බවට විශ්වාස කෙරේ. මෙම දුම්රිය Transport NSW මගින් ක්‍රියාත්මක වන අතර Australian Rail Track Corporation මගින් නඩත්තු කෙරේ.

මෙල්බර්න් හි Wallen ප්‍රදේශයේදී සිදුවුණු මෙම දුම්රිය පීලි පැනීමට හේතුව නොදන්නා බවත් එය පරීක්ෂණයකට භාජනය වන බවත් වික්ටෝරියා පොලිසිය පවසයි. ජාතික දුම්රිය ආරක්ෂණ අධිකාරිය, ඕස්ට්‍රේලියානු ප්‍රවාහන සුරක්ෂිතතා කාර්යාංශය සමඟ ඉදිරි පරීක්ෂණ පවත්වනු ඇති බව වික්ටෝරියා පොලිසිය පවසා සිටී.

 


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now