SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මරුට, 110 කට තුවාල.

Amtrak train 91 en route to Miami derailed in Cayce after colliding with a freight train.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා හි මගීන් 148 දෙනෙකු රැගත් දුම්රියක්  භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක ගැටී පීලි පැන අනතුරකට මුහුණ පා තිබේ.

Amtrak 91 නැමති මෙම දුම්රිය අනතුරට ලක්ව ඇත්තේ ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (04/02) අලුයම 2.45 ට පමණ වන බව වාර්තා වේ.

නිව් යෝර්ක් නුවර සිට මියාමි දක්වා ගමන් කරමින් සිටි මෙම මගී දුම්රියේ සිටි පුද්ගලයින් 148 කුගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 110 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර අනතුරට පත් මගී දුම්රිය වැරදි පීල්ලේ පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට පත්වන්නට ඇතැයි දකුණු කැරොලිනා හි ආණ්ඩුකාර Henry Mcmaster පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now