SKIP TO MAIN CONTENT

කළු ජාතිකයාගේ මරණයට ක්‍රියාත්මක ජනතා විරෝධයෙන් නිව් යෝර්ක් නුවර ආරක්ෂ කරගැනීමට අමතර පොලිස් නිලධාරීන් 200 ක් යොදවයි

Protesters confront police in riot gear near the White House in Washington.
Protesters confront police in riot gear near the White House in Washington. Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ආරක්ෂාව උදෙසා අමතර පොලිස් නිලධාරීන් 200 ක් යොදවා ඇති බව වාර්තා වේ.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව පසුගිය සතියේදී මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මෙලෙස නිව් යෝර්ක් නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ නගර 50කට වැඩි ගණනකට පැතිර ගොස් ඇත.

අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකානු වැසියෝ වීදි බැසි විරෝධතාවල නිරත වූ අතර මේ වන විට එම විරෝධතා උත්සන්න වී තිබේ.

විරෝධතාවලට එක්වුණු නගර 17ක 1,400කට වැඩි පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනැයිපොලිස් පොලිසියේ  සුදු ජාතික පොලිස් නිලධාරියකු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට දණ හිස තබා ඔහුව  මෙල්ල කිරීමට යාමේදී ෆ්ලොයිඩ් මරණයට පත්විය.

මරණයට පත් කළු ජාතික තරුණයාගේ ගෙල පෙදෙස මිනිත්තු 8 ක් පමණ Derek Chauvin නැමති සුදු ජාතික පොලිස් නිලධාරියා තම කකුලෙන් සිර කරගෙන සිටීම නිසා මෙම මරණය සිදුවී තිබේ.

තමාට හුස්ම ගැනීමට අපහසු බව පුන පුනා කියද්දීත් අදාළ සුදු ජාතික පොලිස් නිලධාරියා එම කළු ජාතික තරුණයාට කිසිදු ලිහිල් කිරීමක් ලබා නොදුන් බව වාර්තා වේ.

කෙසේවෙතත්, මේ වන විට Derek Chauvin ඇතුළු මෙම සිද්ධියට සම්බන්ධ සුදු ජාතික පොලිස් නිලධාරින් සිව් දෙනෙකු සේවයෙන් පහ කර ඇති අතර Derek Chauvin හට මිනී මැරුම් චෝදනා එල්ලවී තිබේ.

කළු ජාතික තරුණයා ගේ මරණය සම්බන්ධව තමන්ද කෝපයට පත් වන නමුත් එයට විසඳුම ප්‍රචණ්ඩකාරී විරෝධතා නොවන බව නිව් යෝර්ක් නගරාධිපති Andrew Cuomo පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now