SKIP TO MAIN CONTENT

LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

Ravinderpal Singh(L) Sohail Tanvir(R)
Ravinderpal Singh(L) Sohail Tanvir(R) Source: Facebook

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

LPL සඳහා තරඟවැදීමට බලාපොරොත්තුවෙන් සිටි Sohail Tanvir සහ Ravinderpal Singh හට කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනා ගැනේ.

LPL තරඟාවලියට සහභාගී වීම සඳහා මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් පසුව කල පරීක්ෂණ ඔස්සේ මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

Sohail Tanvir, Kandy Tuskers කණ්ඩායම සඳහා තරඟකිරීමට අපේක්ෂාවෙන් සිටි අතර Ravinderpal Singh, Colombo Kings කණ්ඩායමට තරඟකිරීමට නියමිතව තිබිණ. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට හුදකලා කාලසීමාවකට යටත් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Kandy Tuskers කණ්ඩායමේ පුහුණුකරු වන හෂාන් තිලකරත්න සඳහන් කොට සිටියේ Sohail Tanvir සඳහා ආදේශක ක්‍රීඩකයකු අවශ්‍ය බවයි

Sohail Tanvir වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට මේ වන විට හඳුනාගෙන නොමැති අතර Kandy Tuskers කණ්ඩායම සැලසුම් කල පරිදි තරඟාවලිය සඳහා සුදානම් වෙමින් සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now