SKIP TO MAIN CONTENT

මෙල්බන් “Sky Rail” ව්‍යාපෘතිය හේතුවෙන් Murrumbeena සහ Carnegie දුම්රිය ස්ථාන සති හතරක් තාවකාලිකව වසා දැමේ. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් නුවර “sky rail” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ Cranbourne-Pakenham දුම්රිය මාර්ගයේ Caulfield සිට Dandenong දුම්රිය ස්ථාන දක්වා ඇති දුම්රිය හරස් මාර්ග (level crossings) 9ක් ඉවත් කර අදාළ මාර්ග වල තදබදය අඩු කිරීමය. ඩොලර් බිලියන 1.8ක් වැය වන මෙම ව්‍යාපෘතිය සඳහා මාස 18ක කාලයක් ගතවන බව ඇස්තමේන්තු කර ඇති අතර මහා මාර්ගයට වඩා උසින් දුම්රිය මාර්ගය දිව යන ලෙස ඉදි කිරීම් කටයුතු කෙරෙනු ඇත.

Melbourne Sky Rail Project

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

මෙල්බන් නුවර ගිනිකොණ දිග කලාපයේ කාර්යබහුලතම දුම්රිය මාර්ගයක් වන Cranbourne-Pakenham දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන දෙකක් මෙල්බන් “sky rail” ව්‍යාපෘතිය හේතුවෙන් පුරා සති 4ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව Murrumbeena සහ Carnegie  දුම්රිය ස්ථාන අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 26 වන දින දක්වා තාවකාලිකව වසා දමනු ඇත. එම කාලය ඇතුළත  Murrumbeena සහ Carnegie  දුම්රිය ස්ථාන වෙනුවට තාවකාලික දුම්රිය ස්ථාන ඉදි කරීමට පියවර ගනු ලබන අතර 2018 වසරේදී මෙම ව්‍යාපෘතිය නිම වන තුරු එම තාවකාලික දුම්රිය ස්ථාන ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

මෙල්බන් නුවර “sky rail” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ Cranbourne-Pakenham දුම්රිය මාර්ගයේ Caulfield සිට Dandenong දුම්රිය ස්ථාන දක්වා ඇති දුම්රිය හරස් මාර්ග (level crossings) 9ක් ඉවත් කර අදාළ මාර්ග වල තදබදය අඩු කිරීමය.

ඩොලර් බිලියන 1.8ක් වැය වන මෙම ව්‍යාපෘතිය සඳහා මාස 18ක කාලයක් ගතවන බව ඇස්තමේන්තු කර ඇති අතර මහා මාර්ගයට වඩා උසින් දුම්රිය මාර්ගය දිව යන ලෙස ඉදි කිරීම් කටයුතු කෙරෙනු ඇත.

The work will close Murrumbeena and Carnegie stations for up to a month.
The work will close Murrumbeena and Carnegie stations for up to a month. Source: VICTORIAN GOVERNMENT

පොදු ප්‍රවාහන අමාත්‍ය Jacinta Allan කියා සිටියේ අවහිර වන දුම්රිය ස්ථාන වල සිට මගීන් හට බස් රථ සේවාවන් යොදවා තිබෙන බවය. මීට අමතරව Murrumbeena සහ Carnegie  තාවකාලික දුම්රිය ස්ථාන ආසන්නයේ අමතර රථ ගාලවල් නිර්මාණය කර ඇතැයිද ඇය පැවසුවාය.

මාර්ගයට ඉහළින් ඉදිවන නව දුම්රිය මාර්ගයට ශක්තිය සපයන්නට pile 1000ක් පමණ යොදා ගැනීමට බලපොරොත්තු වන අතර ටොන් 140ක් බරැති පළමු pile ද්විත්වය මේ වන විට Murrumbeena දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහනය කර අවසන් බවද ප්‍රවාහන අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙම ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී දුම්රිය මාර්ගය අවට පදිංචිකරුවන්ගෙන් විශාල විරෝධතාවක් මතුවූ අතර සිය ගණනක් විරෝධතා කරුවන් සිය විරෝධය පළ කිරීමට පාගමනකද යෙදුණි.

මෙම ව්‍යාපෘතිය නිම වීමෙන් පසුව Cranbourne-Pakenham දුම්රිය මාර්ගයේ Caulfield සිට Dandenong දුම්රිය ස්ථාන දක්වා දුම්රිය මාර්ගය ගුවන් දුම්රිය මාර්ගයක් ලෙස ඉදි වනු ඇති අතර එමගින් එම කලාපයේ මහා මාර්ග වල ඇතිවන අධික වාහන තද බදය අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now