පෙබරවාරි 26: වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

Victorian Premier Daniel Andrews has confirmed a new lockdown in response to a growing COVID-19 cluster in Melbourne's west.

Victorian Premier Daniel Andrews has confirmed a new lockdown in response to a growing COVID-19 cluster in Melbourne's west. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබේ.

නොකඩවා දින 6 ක් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු පසුබිමක අද (26/02) පෙරවරුවේ ප්‍රාන්ත රජය මේ බව තහවුරු කළේය.

අදාළ ආසාදිතයින් දෙදෙනා පෙර හමුවූ ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවත් ඔවුන්ගේ ආසාදන කාලය තුළ ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර පසුගිය නත්තල් සමයේදී පනවා තිබූ කොරෝනා නීති මට්ටමට යළිත් වික්ටෝරියානු ප්‍රාන්තය ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අවධානය යොමු කර තිබේ.

ඒ අනුව අද (26/02) දහවල් වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝන නීති තවත් ලිහිල් කිරීම පිළිබඳ නිවේදනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

ඒ අනුව මුව ආවරණ සම්බන්ධ නීති සහ ගෘහස්ථව හා එළිමහනේ රැස්විය හැකි පුද්ගල සීමා ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම මහජන සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම අද පෙරවරුවේ රැස්වී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. 

 


Share

1 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now