SKIP TO MAIN CONTENT

උතුරු පළාත් අධ්‍යාපන ඇමති සහ කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වෙයි.

Sri Lanka Politics
Source: NPC Sri Lanka

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක‍්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (20/06) සවස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී තිබේ.

වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වන ලෙස කළ දැනුම්දීමට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නිල  නිවසේදී භාරදී ඇත.

අමාත්‍යවරුන්ගේ දූෂණ චෝදනා සොයාබලන ලෙස පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටුව මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත චෝදනා නවයක් එල්ලවී තිබූ අතර එම චෝදනා වලට ඔහු වරදකරු ලෙසත් ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙහි සඳහන් විය.

ගුරුකුලරාජා මහතා සිය බලතල අනිසි ලෙස යොදා ගැනීම චෝදනාව වැනි චෝදනා එහි ප‍්‍රමුඛ වී ඇති බවට කමිටු වාර්තාවෙන් සඳහන් කර තිබිණි.

මීට අමතරව උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේසන් මහතා ද සිය ඉල්ලා අස්වීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට භාරදී ඇති බව වාර්තා වේ.

ප්‍රථමයෙන් තමන් මෙම චෝදනා සම්බන්යෙන් වැරදිකරුවන් නොවන බව අමාත්‍යවරුන් දෙපළම ප්‍රකාශ කළ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now