ලංකාවේ spices එකතු කරලා ඔස්ට්‍රේලියාවෙදි බියර් හදන අපූරු යාළුවො දෙන්නා: අමිල මෙන්ඩිස් සහ ඩැනී පෙරේරා

බොහෝ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට එන්නේ විවිද ඉලක්ක හිතේ තියාගෙන. එම ඉලක්ක සපුරා ගැනීමට බොහෝ දෙනා විවිද ක්‍රම අනුගමනය කරනවා. මේ සඳහා විවිද රැකියා මෙන්ම විවිද ව්‍යාපාර ආරම්භ කරන්නත් කටයුතු කරනවා. ලංකාවේ ඉඳල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මිතුරන් දෙන්නෙක් පසු කාලීනව, සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින්ට හුරු නැති වෙනස් ව්‍යාපාර ක්ෂේශ්ත්‍රයකට යොමුවෙනවා.

H5N1 (8).png

Image Source: Danny Perera and Amila Mendis.

Key Points
  • ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම
  • බියර් වගේ නිෂ්පාදනයක් සඳහා යොමුවීමට හේතු
  • Two Rupees වෙළඳ සන්නාමය නිර්මාණය වූ ආකාරය
  • මෙම බියර් නිෂ්පාදන කිහිපයක් ඔස්ට්‍රේලියාව තුල විශේෂ අගයීමකටද ලක්වීම
  • Two Rupees  බියර් සන්නාමයේ සුවිශේෂත්වය
  • බියර් වලට ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාව වගේ රටක මෙවැනි බියර් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමේදී මුහුණ දුන් අභියෝග
  • මේවගේ වෙනස් ක්ෂේස්ත්‍ර වල ව්‍යාපාර සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට  ලබා දෙන උපදස් මොනවාද ?
බියර් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඕස්ට්‍රේලියාවේ තමන්ගේම බියර් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන්න 2019 වසරේදී මේ මිතුරන් දෙදෙනා තීරණය කරනවා. ඔවුන්ගේ බියර් නිෂ්පාදන ඔස්ට්‍රේලියාව තුල සම්මානයටද පාත්‍ර වනවා. ඩැනී පෙරේරා සහ අමිල මෙන්ඩිස් කියන මේ ව්‍යවසායකයින් දෙදෙනා ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිඹිබු වන අයුරින් නිපදවන Two Rupees වෙළඳ සන්නාමය නිර්මාණය කරමින් පැමිණි ගමන ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාව ඇසුරින් මෙම ලිපිය සකස් කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම

අමිල මෙන්ඩිස් සහ ඔහුගේ බිරිඳගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ජීවන රටාවන්ට ඇලුම් කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී ජීවිතයේ යම් වෙනසක් අපේක්ෂා කල අමිල සහ ඔහුගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචි වීමට තීරණය කර තිබෙනවා.

ඩැනී පෙරේරාද micro biology විෂය හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර එහිදී අධ්‍යාපනය හදාරන කාලයේ හෝටල් ක්ෂේශ්ත්‍රයේ රැකියාවකට යොමුවීමටද ඩැනී කටයුතු කරනවා. එහිදී හෝටල් ක්ෂේශ්ත්‍රයට ඇලුම් කරන ඩැනී පූර්ණ කාලීනව හෝටල් ක්ෂේශ්ත්‍රයට යොමුවීමට තීරණය කරනවා. ඒ අනුව Hospitality Management පාඨමාලාවක් හැදෑරීමටද යොමු වී තිබෙනවා.

H5N1 (10).png
Image Credit: Danny Perera and Amila Mendis.
බියර් වගේ නිෂ්පාදනයක් සඳහා යොමුවීමට හේතු

අමිල සහ ඩැනී දෙදෙනාම බියර් නිෂ්පාදනය පිලිබඳ දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම වෙනස් වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් කුඩා නිෂ්පාදකයින් විසින් නිපදවන බියර් වර්ග ශ්‍රී ලාංකිකයින් ලෙස තමන්ට අලුත් අත්දැකීමක් වූ බව අමිල ප්‍රකාශ කර සිටිනවා. වෙනස් වර්ගයේ බියර් නිපදවීම පිළිබඳව මෙහිදී නිරන්තරයෙන් සංවාදයට ලක්වූ බවත් ඔස්ට්‍රේලියාව පුරා පවතින බොහෝ නිෂ්පාදන කර්මාන්තශාලා නැරඹීමට ඩැනී සහ තමන් ගිය බවද අමිල පවසා සිටියා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ දැවැන්ත බියර් නිෂ්පාදන ක්ෂේශ්ත්‍රය පිළිබඳව නිරන්තරයෙන් අධ්‍යයනය කිරීමටද ඔවුන් දෙදෙනා කටයුතු කල බව ඩැනී පවසා සිටියා.

මේ අනුව මෙල්බර්න් නුවර Clayton ප්‍රදේශයේ micro-brewery සංකල්පයට අනුව කුඩා බියර් නිශ්පාදන හලක් ආරම්භ කිරීමට දෙදෙනා කටයුතු කල බව ඩැනී පවසා සිටියා.

තමන්ට තිබු හෝටල් ක්ෂේශ්ත්‍රයේ අත්දැකීම් මේ සඳහා බොහෝ උදව් වූ බවත් දෙදෙනාගේම අත්දැකීම් සහ සංකල්පයන් යොදාගෙන මෙම ව්‍යාපාරය ආරම්භ කල බවත් ඩැනී පවසා සිටියා.
H5N1 (11).png
Image Credit: Danny Perera and Amila Mendis.
Two Rupees වෙළඳ සන්නාමය නිර්මාණය වූ ආකාරය

ඕස්ට්‍රේලියාවේ බොහෝ කුඩා බියර් නිෂ්පාදකයින් ඔවුන්ට අවේනික නම් යොදාගෙන තම නිෂ්පාදන සිදුකරන බව ඩැනී පවසා සිටියා. මෙහිදී තමන්ටද තම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පිළිඹිබු වන නමක් යොදාගැනීමේ අවශ්‍යතාවය තිබු බව ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ලංකාවේ භාවිතා වන මුදල් වර්ගය වන රුපියල් තම වෙළඳ සන්නාමය ලෙස යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා. මිතුරන් දෙදෙනෙකු එකතුවී මෙම ව්‍යාපාරය ආරම්භ කල නිසා මෙය Two Rupees ලෙස නම් කිරීමට කටයුතු කල බව ඩැනී පවසා සිටියා.

මෙම Two Rupees සන්නාමය හේතුවෙන් ආරම්භයේදී තමන් ඉන්දියානුවන් දෙදෙනෙකු ලෙස බොහෝදෙනා සිතා තිබෙන අතර මෙය ඉන්දියාවේ බියර් නිෂ්පාදනයක් දැයි බොහෝ දෙනා තමන් ගෙන් විමසා සිටි බවද ඔවුන් පවසා සිටියා. නමුත් වර්තමානය වනවිට මෙය ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත නිෂ්පාදනයක් බවත් Two Rupees ලෙස හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකීය රුපියල් බවත් බොහෝ ඕස්ට්‍රේලියානුවන් අතර අවබෝදයක් පවතින බවත් ඔවුන් පවසා සිටිනවා.
03.jpg
Image Credit: Danny Perera and Amila Mendis.
මෙම බියර් නිෂ්පාදන කිහිපයක් ඔස්ට්‍රේලියාව තුල විශේෂ අගයීමකටද ලක්වුනා

ඕස්ට්‍රේලියාවේ විශාලතම බියර් නිෂ්පාදන සඳහා වන තරඟාවලිය වන Gabs තරඟාවලියට 2022 වසරේදී ප්‍රථම වරට සහභාගී වීමට තමන් කටයුතු කල බවත් එහිදී 2 Rupees සන්නාමය යටතේ නිෂ්පාදනය කල බියර් වර්ග 3ක් තරඟාවලියට ඉදිරිපත් කල බවත් අමිල පවසා සිටියා. එම බියර් වර්ග තුනෙන් දෙකකට Silver award සහ අනෙකුත් බියර් වර්ගයට Bronze award යන සම්මාන ලැබුණු බවද ඔහු පවසා සිටියා. මෙය තමන්ට ඉතා සතුටු දායක අවස්තාවක් වූ බව ඔවුන් දෙදෙනා පවසා සිටියා. මෙහිදී තමන් ඉදිරිපත්කල බියර් වර්ග තුනම සම්මානයට පාත්‍රවීම හරහා තමන් මෙම ක්ෂේශ්ත්‍රයේ ගුණාත්මක නිෂ්පාදන කරන බවට සහතිකයක් ලැබුණු බවට තමන් විශ්වාස කරන බව අමිල පවසා සිටියා.

Two Rupees  බියර් සන්නාමයේ සුවිශේෂත්වය

Two Rupees බියර් සන්නාමය නිර්මානයේදී ශ්‍රී ලංකික අනන්‍ය තාවය පිළිඹිබු වන පරිදි තම නිෂ්පාදන සිදුකිරීමට තමන් කටයුතු කල බව ඩැනී පවසා සිටියා. විශේෂයෙන්ම බියර් කෑන් සඳහා වර්ණවත් අසුරන තෝරා ගැනීමට තමන් කටයුතු කල බවත් මේ හරහා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පිළිඹිබු වීමක් කෙරෙන බවත් ඔහු පවසා සිටියා.

එසේම තම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට අනන්‍ය වූ විවිද කුළුබඩු යොදා විශේෂ බියර් වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීමටද තමන් කටයුතු කරන බව ඩැනී පවසා සිටියා. මෙහිදී කුරුඳු, එනසාල්, කරාබුනැටි වැනි කුළුබඩු යොදා ගනිමින් සුවිශේෂී බියර් නිශ්පාදනය කිරීමක් තමන් සිදු කෙරෙන අතර මේ සඳහා ඕස්ට්‍රේලියානුවන් අතර ඉහල පිළිගැනීමක් පවතින බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
02.jpg
Image Credit: Danny Perera and Amila Mendis.
බියර් වලට ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාව වගේ රටක මෙවැනි බියර් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමේදී මුහුණ දුන් අභියෝග

බියර් නිෂ්පාදනය වැනි ව්‍යාපාරයකට යොමුවීම ශ්‍රී ලාංකිකයින් ලෙස වෙනස් වූ අත්දැකීමක් වූ බව අමිල පවසා සිටියා. මෙහිදී මෙම බියර් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය බවත් ඔහු පවසා සිටියා. ඕස්ට්‍රේලියාවේ කුඩා බියර් නිෂ්පාදකයින් 600කට අධික ප්‍රමාණයක් සිටින අතර අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දීම තරමක් අපහසු කාර්යයක් බව අමිල පවසා සිටියා. කෙසේ උවත් තම ශ්‍රී ලාංකීය පසුබිම මෙම නිෂ්පාදන සඳහා යොදාගැනීම මෙහිදී වාසිදායක වූ බවද ඔහු පවසා සිටියා. ඊට අමතර නිෂ්පාදනය සම්බන්දයෙන් අධ්‍යාපනය ලැබීමට තමන්ට නිසි තැනක් නොතිබූ බවත් ස්වයං අධ්‍යයනය හරහා බොහෝ විට දැනුම සොයා ගැනීමට තමන්ට සිදුවූ බවත් අමිල වැඩිදුරටත් සඳහන් කර සිටියා. විශේෂයෙන්ම මේ ක්ෂේශ්ත්‍රය හා සම්බන්ද ශ්‍රී ලාංකිකයින් ඉතාම අඩු වීම හේතුවෙන් අවශ්‍ය අත්දැකීම් බෙදා හදා ගැනීමට ක්‍රමයක් නොමතිවීමද තමන්ට අභියෝගයක් වූ බව අමිල වැඩි දුරටත් පෙන්වා දුන්නා. 2019 වසරේ ආරම්භ කල මෙම ව්‍යාපාරය 2020 වසරේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන්ද විශාල අභියෝග වලට මුහුණ දී තිබෙනවා.

මේවගේ වෙනස් ක්ෂේස්ත්‍ර වල ව්‍යාපාර සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට  ලබා දෙන උපදස් මොනවාද ?

මෙවැනි වෙනස් ක්ශේෂ්ත්‍රයක් කරා යොමු වීමේදී එම විෂය සම්බන්දයෙන් දැඩි ආශාවක් පැවතීම ඉතාම වැදගත් බව ඩැනී පෙන්වා දෙනවා. පවතින අභියෝග ජය ගැනීමට මෙන්ම උසස් තත්වයේ නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් තම නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහල දැමීමට අවශ්‍ය බවත් ඒ සඳහා තමන් සතුව එම විෂය සම්බන්දයෙන් ඇති දැඩි ආශාව ඉතාමත් වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාව වගේ රටක විශාල අවස්ථා ප්‍රමාණයක් පවතින බවත් දැඩි අධිෂ්ඨානයකින් තමන්ට අවශ්‍ය ක්ෂේශ්ත්‍රයේ ව්‍යාපාර ආරම්භ කිරීම සිදු කලයුතු බවත් අමිල පෙන්වා දෙනවා. එසේම තම ක්ෂේශ්ත්‍රය සම්බන්දව නිරන්තරයෙන් අධ්‍යයනය කිරීමද අත්‍යවශ්‍ය බවද ඔහු පවසනවා. විශේෂයෙන්ම අභියෝග වලට බියෙන් බොහෝ දෙනා ව්‍යාපාර ආරම්භ කිරීම අතපසු කරන බවත් මෙනිසා බොහෝ විට ව්‍යාපාර ආරම්භ කිරීම සිදු නොවන බවත් අමිල පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාව තුල නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඉතා හොඳ ක්‍රමවේදයක් පවතින බවත් එය ප්‍රයෝජනයට ගෙන තමන් කැමති ක්ශේෂ්ත්‍රයේ වියාපාර ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අමිල පවසා සිටිනවා.



Share

6 min read

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service