SKIP TO MAIN CONTENT

කොරෝනා ආසාදනය වූවාදැයි පැයක් ඇතුළත තහවුරු කළ හැකි නව පරීක්ෂණ දෙකකට ඔස්ට්‍රේලියාවේ අනුමැතිය

Coronavirus
Φώτο αρχείου Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා ආසාදනය වූවාදැයි තහවුරු කිරීමට සිදුකළ හැකි නව පරීක්ෂණ දෙකකට ඔස්ට්‍රේලියාව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ABC පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම පරීක්ෂණ හරහා පැයකට අඩු කාලයකදී ප්‍රතිඵල ලබාදීමට හැකිය.

ප්‍රතිශක්තීකරණ ප්‍රතිදේහ පරීක්ෂා කරනවා වෙනුවට සෘජුව වයිරසය පරීක්ෂා කළ හැකි නවීන ක්‍රමවේදයක් මෙම පරීක්ෂණ හරහා සිදු කරගත හැකි බැවින් මේවායින් අත්වන ප්‍රතිඵල වඩාත් නිවැරදි බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතින නිසා මෙම පරීක්ෂණ ද්විත්වය සඳහා අනුමැතිය ලබා ගැනීම වඩාත් ඉක්මණින් සිදුකර ගැනීමට චිකිත්සක භාණ්ඩ පාලනාධිකාරිය පියවර ගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now