SKIP TO MAIN CONTENT

අද සහ හෙට බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ කුණාටු ඇතිවීමේ අවධානමක් (SBS සිංහල/වාර්තා)

Map
Source: BOM

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: BoM



Skip to article content

අද (20 අගහරුවාදා ) සහ හෙට (21 බදාදා ) බටහිර ඕස්ට්‍රේලියානු වයඹ  වෙරල තීරයේ  නිවර්තන සුළි කුණාටු ඇති විය හැකි බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇගවීමක් කර තිබේ. තවද Northern Territory ආශ්‍රිතව අඩු පීඩන පද්ධතියක්  නිර්මාණය වෙමින් පවතින බවත් එය Kimberly Coast ප්‍රදේශය දක්වා ගමන් කල හැකි බවටත් කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළකර තිබේ. තවද  බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Pilbara ප්‍රදේශයටද මෙම අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවටද අනතුරු ඇගවීමේ  නිවේදන මේ වන විට නිකුත් කර තිබේ.

පසුගිය පැය  24 තුල මෙම අඩු පීඩන පද්ධතියක්  වර්ධනයක් දක්නට ලැබෙන බවත්,  අද සහ හෙට දිනයේදී එය තවත් වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා  කාර්යාංශය පවසයි. හෙට (බදාදා) ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට මෙම කුණාටුව ළග  වනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශයේ අදහස වී තිබේ.

Kimberly ප්‍රදේශයට ගං වතුර අවධානමක්

මෙම කුණාටු සහිත කාලගුණය හේතුවෙන් Kimberly ප්‍රදේශයට දැඩි බලපෑමක් සිදු විය හැකි බව Northern territory ප්‍රදේශයේ කාලගුණ විද්‍යා අනාවැකි පලකරන ආයතන පවසයි. මේ නිසා Kimberly ප්‍රදේශයට ගං වතුර අනතුරු ඇගවීමේ නිවේදනද  නිකුත් කර තිබේ.

අද සහ හෙට දිනයේදී Kimberly ප්‍රදේශය ආශ්‍රිත දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් , Lower Ord River, Pentecost River, Drysdale River, King Edward River, Isdell River, Lennard River යන ගංගා  අවධානම් සහගත තත්වයක පවතින බවත් කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now