SKIP TO MAIN CONTENT

ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට.

U.S. Navy strike group to move toward Korean peninsula.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Reuters



Skip to article content

ඇමෙරිකානු ප්‍රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

උතුරු කොරියාවේ නවීන ආයුධ අත්හදාබැලීමේ වැඩසටහන ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මේ මාසය ආරම්භයේදී උතුරු කොරියාව නවීන මිසයිල කිහිපයක් අත්හදා බැලීය.

ගුවන් යානා අංගනයකින් සමන්විත ‘කාර්ල් වින්සන්‘ නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බව මාධ්‍යට ප්‍රකාශ කිරීමට රාජකාරී මට්ටමෙන් අවසර නොලත් නිලධාරියකු පැවසීය.

එම ප්‍රහාරක යානා සමූහය උතුරු කොරියාව ආසන්නයට යාමට බලාපොරොත්තු වන බව කී ඇමෙරිකානු නාවික හමුදාවේ තුන්වැනි බලඇණිය එය ගමන් ගන්නා නිශ්චිත ස්ථානය හෙළි නොකළේය.

අන්තර් මහද්වීප බැලිස්ටික් මිසයිල හෝ ඒ හා සමාන මිසයිල අත්හදා බැලීමට සැලසුම් කර ඇතැයි උතුරු කෙරියානු ජනපතිවරයා හා උතුරු කොරියා බලධාරීන් මෙම වසර ආරම්භයේ සිට වරින් වර ප්‍රකාශ කළේය.

එරට පළමු ජනපතිවරයාගේ 105 වැනි උපන්දිනයට සමගාමීව අප්‍රේල් 15 පැවැත්වීමට නියමිත ‘හිරුගේ දිනය‘ නම් උත්සවය නිමිත්තෙන් මේවා අත්හදාබැලීම් කරන බවට ප්‍රකාශ විය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉකුත් දා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ජින්පින් අතර පැවති සාකච්ඡාවේදී ඇමෙරිකානු ජනපති,  චීන ජනපතිවරයාට බල කර සිටියේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු වැඩ බලන ජනපති ක්වාන් ක්යෝ-හන් මහතා අතර පසුගිය  සිකුරාදා(07/04) දුරකතන සංවාදයක් පැවති බව ද වොෂින්ටනය නිවේදනය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now