SKIP TO MAIN CONTENT

රුසියාවට සහ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක.

World Politics
National flags of Russia and the U.S. fly at Vnukovo International Airport in Moscow, Russia April 11, 2017. REUTERS/Maxim Shemetov Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: Reuters



Skip to article content

රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර, මෙම යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය.  

මෙම තීරණයත් සමඟ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට දරන උත්සාහයට බාධා එල්ල වනු ඇතැයි පැවසේ.

රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂ ඡන්ද 98ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2ක් පමණි.

විපක්ෂව ඡන්දය ලබා දී තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂ සෙනට් සභික රෑන්ඞ් පෝල් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ කටයුතු කරන බර්නි සැන්ඩර්ස් පමණි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now