SKIP TO MAIN CONTENT

මුස්ලිම් රටවල් හතේ වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීම නීත්‍යානුකූල බව ඇමෙරිකානු රජය පවසයි.

Trump's controversial travel ban is legal.
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් මුස්ලිම් රටවල් 7ක වැසියන් හට අමෙරිකාවට සංක්‍රමණය වීමට පනවා ඇති තහනම නීත්‍යානුකූල බව ඇමෙරිකානු රජය පවසයි.

Donald Trump ගේ මෙම විධානය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීත්‍යානුකූල ද නැතිද යන්න නොබෝ දිනකින්ම ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.

මෙම තීන්දුව නීත්‍යානුකූල නොවන බව පවසමින් Trump ගේ තීන්දුවට එරෙහිව Seattle හි මධ්‍යම රජයේ විනිසුරුවරයෙකු විසින් තාවකාලික තහනමක් පනවා තිබුණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නියෝගය ව්‍යවස්ථානුකූල එකක් බව රජයට විශ්වාස බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Sean Spicer පවසයි.

Donald Trump ගේ මෙම විධානය හේතුවෙන් ඇමරිකාවේ සරණාගත වැඩසටහන සහ මුස්ලිම් රටවල් 7 වැසියන් හට ඇමෙරිකාවට සංක්‍රමණය වීම නවතා දමනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now