SKIP TO MAIN CONTENT

Uber කුලී රථ රියදුරන් සඳහා හඳුන්වා දුන් නවතම app එක මෙන්න.

Uber launches new app for drivers
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Uber කුලී රථ රියදුරන් උදෙසා Uber Technologies සමාගම විසින් නව app එකක් හඳුන්වා දී තිබේ.

මෙම app එක තුළ  real-time earnings tracker පහසුකම ඇති අතර ඒ මගින් අදාළ රියදුරන් හට තමාගේ සත්‍ය ආදායම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

මීට අමතරව තමාගේ මීළඟ ගමනාන්තය පිලිබඳ තීරණය කිරීමට සහය වන නව status bar එකක්ද මෙම App එක හරහා ඉදිරිපත් කෙරෙන අතර ඉදිරියේදී තමන්ට ලබා ගත හැකි ආදායම පිළිබඳවද කුලී රථ සේවාව ලබා ගත් පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර පිළිබඳවද සටහන් ගෙන එන notification විශේෂාංගයක් ද මෙමගින් ඉදිරිපත් කෙරේ.

ලොව සාම්ප්‍රදායික කුලී රථ සේවාවන්ට අභියෝගයක් එල්ල කරමින් ආරම්භ වූ මෙම Uber කුලී රථ සේවාව මේ වන විට ඔස්ට්‍රේලියාවේ මහත් සේ ජනප්‍රියව ඇති අතර බොහෝ දෙනෙකු මෙය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන ආදායම් මාර්ගයක් බවට ද පත් කරගෙන සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now