SKIP TO MAIN CONTENT

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණයට නිල අත්සන යෙදූ පසු එක්සත් රාජධානිය නිදහස් වෙළෙඳ ගිවිසුම් සොයයි.

U-K is looking for a "comprehensive free trade agreement" after Brexit signed.
Prime Minister Theresa May Source: Press Association

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීමේ තීරණයට අදාළ නිල ලියවිල්ල අත්සන් කිරීමන් අනතුරුව එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය යන ද්විත්වයම පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සලකා බලන බව බ්‍රිතාන්‍ය අගමැතිනි Theresa May  පවසයි.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධව අත්සන් තැබුණු නිල ලිපිය එක් රැයකින්ම යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටූස්ක් වෙත යවා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව යුරෝපා සංගමයෙන්, බ්‍රිතාන්‍යයට සම්පූර්ණයෙන් ඉවත්වීම සඳහා වසර දෙකක කාලයක් එමගින් ලබා දෙයි.

යුරෝපානු ඒකල වෙළෙඳ පොළට ඇතුළු වීම බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම අරමුණ බවද බ්‍රිතාන්‍ය අගමැතිනි Theresa May පවසා තිබේ.

එක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඔස්ට්‍රේලියානු රජය සූදානම්.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම නිල වශයෙන් ආරම්භ කිරීමත් සමග එක්සත් රාජධානිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමින් පසුවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු කෘෂි අපනයන කරුවන් සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳ පොළ විවෘත කර දීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍ය Steve Ciobo පැවසීය.

දෙපාර්ශවය අතර ද්වි- පාර්ශවික ගිවිසුමක් ඇති කරගැනීම තම විශාලම බලාපොරොත්තුව බව වෙළෙඳ අමාත්‍ය Steve Ciobo, A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now