SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Britain's Prime Minister Boris Johnson.
Britain's Prime Minister Boris Johnson. Source: Getty Images Europe

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටි අගමැති ජෝන්සන්ව ලන්ඩන් රෝහලට පසුගිය සතියේදී ඇතුළත් කෙරුණි.

ප්‍රතිකාර සඳහා එහිදී ඔහුව දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළු කිරීමට ලන්ඩන් රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පියවර ගත්තේය.

කොරෝනා වයිරසයෙන් සිය ජිවිතය බේරා ගැනීමට කැපවූ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තමා ණය ගැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වීඩියෝ පණිවිඩයක් හරහා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now