SKIP TO MAIN CONTENT

එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂක තර්ජන මට්ටම පහළට.

UK threat level downgraded
Source: EPA

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය සිකුරාදා (15/09)  බ්‍රිතාන්‍යයේ උමං දුම්රිය ස්ථානයක සිදු කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙසක නිර්මාණය කළ මෙම බෝම්බය පිපිරීමෙන් අදාළ දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලැබූ බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව සැක කෙරුණු පළමු පුද්ගලයා 18 හැවිරිදි තරුණයෙකු වූ අතර ඔහුව සෙනසුරාදා (16/09)  දිනයේදී අත්අඩංගුවට ගැනුණු අතර 21 හැවිරිදි දෙවැන්නා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමේ මට්ටම critical සිට severe දක්වා අඩු කර ඇති බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Amber Rudd  පැවසුවාය.

පොදු ප්‍රවාහන සේවාවන් ආශ්‍රිතව සහ ලන්ඩන් නුවර ජනාකීර්ණ වීදි වල ආයුධ සන්නද්ධ පොලිස් භටයින් විශාල ප්‍රමාණයක් රාජකාරියේ යොදවා ඇති නමුත් එය මහජනතාවගේ දෛනික කාර්යයන්ට බලපෑමක් නොවන බව ලන්ඩන් නුවර වැසියන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now