Eurovision ජයග්‍රහණය යුක්රේනයට, දෙවැනි තැන ඕස්ට්‍රේලියාවට

මෙවර තරගයේ ජූරියේ වැඩිම ජන්ද හිමි කරගන්නට ඕස්ට්‍රේලියාව නියෝජනය කල Dami Im සමත් වීම සුවිශේෂී සිදුවීමක්. නමුත් මහජන ජන්ද වලදී යුක්රේනය ජන්ද 534ක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියාවට ලබා ගත හැකිවුයේ ලකුණු 511ක් පමණි. ඒ අනුව සමස්ත තරගයේ ජයග්‍රහණය යුක්රේනයට හිමි වූ අතර, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් තුන්වන ස්ථානය රුසියාවටත් හිමි විය

Ukraine's Jamala reacts on winning the Eurovision Song Contest

STOCKHOLM 2016-05-14Ukraine's Jamala reacts on winning the Eurovision Song Contest final at the Ericsson Globe Arena in Stockholm, Sweden, Source: AAP

ලොව පැවැත්වෙන සංගීත තරග වලින් ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ගීත තරගයක් වන Eurovision ගීත තරගය පසුගියදා ස්වීඩනයේ Stockholm හිදී නිමාවට පත් වූ අතර මෙවර තරගයේ ජයග්‍රහණය හිමි වුයේ යුක්රේනය නියෝජනය කරමින් තරගයට එක වූ Jamala හටයි.  රටවල් 42ක් මෙවර Eurovision ගීත තරගය සදහා එක වූ අතර, සමස්ත තරගයේ දෙවැනි තැන හිමි වුයේ ඕස්ට්‍රේලියාව නියෝජනය කල, Dami Im හටයි. ජූරියේ ජන්ද සහ මහජන ජන්ද වලින් Eurovision  ජයග්‍රාහකයා තෝරා  ගනු ලබන අතර, මෙවර තරගයේ ජූරියේ වැඩිම ජන්ද හිමි කරගන්නට ඕස්ට්‍රේලියාව  නියෝජනය කල Dami Im සමත් වීම සුවිශේෂී සිදුවීමක්. නමුත් මහජන ජන්ද වලදී යුක්රේනය ජන්ද 534ක් ලබා ගත්  අතර ඕස්ට්‍රේලියාවට  ලබා ගත හැකිවුයේ ලකුණු 511ක් පමණි.

ඒ අනුව සමස්ත තරගයේ ජයග්‍රහණය යුක්රේනයට හිමි වූ අතර, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් තුන්වන ස්ථානය රුසියාවටත් හිමි විය. Eurovision  තරගයට ඕස්ට්‍රේලියාව  2015 වසරේ ප්‍රථම වතාවට සහභාගී වූ අතර, මේ වසරේ තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් වීම සුවිශේෂී සිදුවීමක්.
Dami Im
Source: Eurovision Song Contest
මෙවර Eurovision ගීත තරගයේදී  'Sound of Silence' නම් ගීතය ගායන  කල Dami Im සදහන් කලේ තරගය තුල මෙම ජයග්‍රහණය හිමි කරගන්නට තමන්ට සහාය  ලබාදුන් ඕස්ට්‍රේලියානු ජනතාවට තමන් ස්තුති වන්ත වන බවයි.

තමන්ට වයස අවුරුදු 9ක්ව තිබියදී දකුණු කොරියාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ Dami Im, 2013 වසරේ X Factor - Australia රුපවාහිනී Reality තරගයේ ජය හිමිකරගැනීමත් සමග ලොව පුර ප්‍රචලිත ගායිකාවක් බවට පත් විය.

2016 Eurovision ජයග්‍රහණය කල යුක්රේනයේ Jamala එම තරගයට එක වූ ප්‍රථම Crimean Tartar ජාතිකයා ලෙසත් වාර්තා අතරට එක වන අතර ඇය විසින් ගායනා කල, 1944 නම් ගීතය විවාදයට තුඩුදුන් ගීතයක් වීමද විශේෂ සිදුවීමක්.

රුසියාව සහ යුක්රේනය අතර පවතින දේශපාලන මත ගැටුම් හේතුවෙන් මෙම ගීතයට සමහරක් රුසියානු වැසියන්ගේ විරෝධය පළවූ බව සදහන්.

මෙවර  Eurovision ගීත තරගය ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 200ක් නැරඹූ බව සදහන් අතර, ඔස්ට්‍රේලියාව තුල නිල මාධ්‍ය ජලය වශයෙන් කටයුතු කලේ SBS මාධ්‍ය ජාලයයි.


Share

2 min read

Published

Updated

By Sanjaya Dissanayake




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service