SKIP TO MAIN CONTENT

ජගත් සංවිධානයෙන් සිරියාවට සහ රුසියාවට යුධ අපරාධ චෝදනා.

UN accused Syria and Russia of committing war crimes.
Source: www.sputniknews.com

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිරියාවේ Aleppo නුවර මුදවාගැනීමේ මෙහෙයුම් වලදී සිරියානු හමුදා ශා රුසියානු භට කණ්ඩායම් යන දෙපාර්ශවය විසින්ම යුධ අපරාධ සිදුවූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

පසුගිය වසරේ Aleppo නුවර සටන් බිමේදී සිරියානු හමුදා විසින් සිවිල් වැසියන් හට ක්ලෝරීන් වායුව මගින් පහර දුන් බව සිරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයින්ගේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

සැප්තැම්බර් සහ දෙසැම්බර් මාසවලදී රසායනික බෝම්බ ප්‍රහාර නිසා සිය ගණනක් සිවිල් වැසියන් තුවාල ලැබූ බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඇසින් දුටු සාක්ෂිකරුවන්, වෛද්‍යවරු සහ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් සිරියාව පිළිබඳ ජගත් සංවිධානයේ පරීක්ෂණ කොමසාරිස් මේ බව ප්‍රකශ කර තිබේ.

මෙම ක්‍රියාවන් නිසා පීඩා විඳි ජනතාවට යුක්තිය ලබා ගැනීම උදෙසා නඩු මගට පිවිසේවි යැයි තමන් අපේක්ෂා කරන බව, ජගත් සංවිධානයේ සිරියාව පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකා Carla Del Ponte පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now