SKIP TO MAIN CONTENT

මානුස් සරණාගත මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වය සමනය කරගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්ට්‍රේලියානු හා පැපුවා නිව් ගීනියා බලධාරීන්ගෙන් ඉල්ලයි.

Manus Island Conflict
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

මානුස් සරණාගත මධ්‍යස්ථානයේ ඇතිවූ උණුසුම් කලහකාරී තත්ත්වය සමනය කරගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්ට්‍රේලියානු හා පැපුවා නිව් ගීනියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් රඳවා තිබෙන මානුස් දූපතේ දැනට රැදී සිටින සරණාගතයින්ව එම මධ්‍යස්ථානයෙන් පළවා හැරීමට ඊයේ පෙරවරුවේ පැපුවා නිව් ගීනියා පොලීසිය එම මධ්‍යස්ථානය තුළට ඇතුළු විය.

එහිදී මානුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට අකමැත්ත පළ කළ පුද්ගලයින් කිහිප දෙනෙකු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පැපුවා නිව් ගීනියා පොලීසිය කටයුතුකර තිබේ.

තමන්ට අදාළ මධ්‍යස්ථානයෙන් පිටව යාමට පැයක පමණ කාලයක් ලබා දුන් බවත් ඇතුළට පැමිණි පොලිස් නිලධාරීන් කලහකාරී ලෙස හැසිරුණු බවත් ඔවුන් එහි දේපළ විනාශ කළ බවත් එහි සිටි බොහෝ රැඳවියන් තම සමාජ ජාලා ඔස්සේ වාර්තා කරන්නට විය.

පසුගිය ඔක්තෝබර් 31 වන දින මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් වසා දැමුණු අතර එයට සැපයෙන විදුලිය, ජලය, ආහාර පාන සහ ඖෂධ ද කපා හැරීමට බලධාරීන් කටයුතු කළේය.

ඒ වන විට එහි රැදී සිටි සරණාගතයින් හට මානුස් දූපතේ ලොරෙන්ගෝ නගරය අවට රැඳවුම් මධ්‍යස්ථාන සකසා දීමටද බලධාරීන් කටයුතු කළේය.

නමුත් 380 ක පමණ පිරිසක් මානුස් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැදී සිටීමට  තීරණය කර තිබුණි.

ඔස්ට්‍රේලියාවට පැමිණි සියලු සරණාගතයින්ට සහ නීති විරෝධී සංක්‍රමණිකයින්ට ආරක්ෂාව හා දීර්ඝ කාලීන විසඳුමක් ඔස්ට්‍රේලියාව විසින් ලබා දිය යුතු බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහා කොමසාරිස් Volker Türk පැවසීය.

මානුස් දූපතේ සිටින සරණාගතයින්ගෙන් පිරිසක් නවසීලන්තයට ගැනීමට ඉඩ දෙන ලෙස විපක්ෂ නායක බිල් ශෝටන් ටර්න්බුල් රජයෙන් ඉල්ලීමක් කරයි.

එසේ කිරීමෙන් මානුස් දූපතේ ඇතිවී ඇති තත්ත්වය සමනය වීමට වැඩි ඉඩක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now