SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව මන්දගාමීයි : නිර්දේශ කඩිනමින් ඉටු කිරීමට නිශ්චිත කාලරාමුවක් ස්ථාපිත කළ යුතුයි - මානව හිමිකම් කොමසාරිස්ගෙන් ලංකාවට නියෝගයක්

Said Raad Al Husain -
Human rights commissioner

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ඊයේ ජීනිවා නුවරදී පැවැසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී වාචික ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඒ බව සඳහන් කළේය.

දැනට පවතින ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිත හා තත්ත්වලට අනුකූලව නව පනතක් ගෙන එන්නැයි ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදී පවසා තිබේ.

එසේම අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවද , හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හැරීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පවසා තිබේ. එසේම උතුරේ ගේ විරෝධතා වලින් ඔවුනගේ ගැටළු වලට ශ්‍රී ලංකා රජයේ ඇති මන්දගාමී ක්‍රියා පිළිවෙත හෙලෙවන බවද මානව හිමිකම් කොමසාරිස් වරයා එහිදී පවසන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟින් සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවටද මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් එහිදී ප්‍රකාශ කොට තිබේ.

මේ අතර පසුගිය මාස 6 ක කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැනවූ සම්බාධක නොතකා උතුරු කොරියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 270 ක් වටිනා පාරිභෝගික භාණ්ඩ ආසියාතික රටවල් කිහිපයකට අලෙවි කොට ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා නගයි. ඒ අතර  ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, සහ මැලේසියාව යන රටවලට පවතින බව සඳහන්. උතුරු කොරියාවෙන් මෙම රටවල් සඳහා ගල් අඟුරු, යකඩ සහ තවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් අපනයනය කර ති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා නගා තිබේ.

අළුත්ම තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now