SKIP TO MAIN CONTENT

සම්බාධක නොතකා උතුරු කොරියාව ලංකාවට භාන්ඩ අපනයනය කළ බවට ජගත් සංවිධානයෙන් චෝදනා.

UN experts accuse North Korea of illegally exporting goods to SL
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

පසුගිය මාස 6 ක කාලයේදී එක්සත් ජාතීන් විසින් පැනවූ සම්බාධක නොතකා උතුරු කොරියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 270 ක් වටිනා පාරිභෝගික භාණ්ඩ චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව යන රටවලට අපනයනය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා නගයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය සෙනසුරාදා (09/09) නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව පැවසෙන අතර උතුරු කොරියාවෙන් ඉහත කී රටවල් සඳහා ගල් අඟුරු, යකඩ සහ තවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් අපනයනය කර ති බව සඳහන් කරයි.

උතුරු කොරියාවේ හිතුවක්කාරී න්‍යෂ්ඨික අත්හදා බැලීම් හේතුවෙන් ජගත් සංවිධානය දිගින් දිගටම පසුගිය සමයේදී උතුරු කොරියාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now