SKIP TO MAIN CONTENT

ඇමෙරිකාව සහ උතුරු කොරියාව සමගි කිරීමේ කපුකම ජගත් සංවිධාන මහ ලේකම් බාරගනී.

UN Secretary will act as a broker to sort the USA – NK despite.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකාවේ පාලනයට යටත්ව පවතින ගුවාම් දූපතට එල්ල කරනවා යනුවෙන් පැවසු මිසයිල ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නවතා දැමීමට උතුරු කොරියාව ගත් තීරණය ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් අගය කර තිබේ.

අගෝස්තු මස මැද බාගයේදී මෙම ප්‍රහාරය දියත් කරන බවට උතුරු කොරියාව විසින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කරන ලදී.

මේ අතර උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර ඇතිවී ඇති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් Antonio Guterres කැමැත්ත පළ කර තිබේ.

මෙම අර්බුදය විසඳීමට ඇති හොඳම මග යුද බලය නොව ප්‍රජාතන්ත්‍රවාදය බවද ඔහු පැවසීය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now