SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීමට එක්සත් ජාතීන් අවසන් රතු නිවේදනය නිකුත් කරයි.

North Korea's latest ballistic missile test
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු කොරියාව විසින් පසුගිය ඉරිදා සිදු කළ දිගු දුර මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය තරයේ හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වූ අවස්ථාවේදී උතුරු කොරියාවේ මෙම ක්‍රියාවට සිය අප්‍රස්දාය පළ කර ඇති අතර මින් ඉදිරියට තවත් මෙවැනි අත් හදා බැලීම් නොකරන ලෙසට උතුරු කොරියාවට දන්වා ඇත.

ඒ සමග උතුරු කොරියාව කෙරෙහි පනවා ඇති සම්බාධක තවත් තර කිරීමට ද ඔවුන් තීරණය කර තිබේ.

උතුරු කොරියාව විසින් පසුගිය ඉරිදා අත්හදා බැලූ දිගු දුර මිසයිලය කිලෝමීටර් 700 ක් පමණ තිරස් දුරකටත් කිලෝමීටර් 2000 ක් පමණ සිරස් දුරකටත් ගමන් කර ඇති බව වාර්තා වේ.

රොකට්ටුවක ධාරිතාවක් ගන්නා එම මිසයිලය හට න්‍යෂ්ඨික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි බවද උතුරු කොරියාව පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now