සංක්‍රමණික පවුලක දරුවෙකු ආබාධිත ලෙස උපත ලැබුවහොත් ඔවුන්ව පිටුවහල් කිරීමේ අවදානමට මුහුන දෙයි.
ඔස්ට්‍රේලියාවේ එම ප්‍රතිපත්තිය අහෝසි කරන ලෙස ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටියි.
ආබාධිතයින් පිළිබඳ පනත සහ සංක්‍රමණ පනත
ඔස්ට්‍රේලියාවේ Disability Act හෙවත් ආබාධිතයින් පිළිබඳ පනත දැනට සංක්‍රමණ පනතට අදාළ නොවේ, එනම් සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ආබාධිතභාවයට හෝ ඔවුන්ගේ ආබාධිත දරුවාට ප්‍රතිකාර කරන්නේ නම් ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙසට පැවසිය හැකිය.
ඔවුන් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නාට බරක් ලෙස සලකනු ලැබීම ඊට හේතුව වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය "ප්‍රජා අපේක්ෂාවන් සපුරාලන්නේ නැත" යන නිර්ණායකය මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පිළිගෙන ඇති අතර, කම්කරු පක්ෂ රජය ඊට විසඳුම් ගෙන ඒමට ක්‍රියා කරමින් පසුවන බව ඔහු පැවසීය.
තමන්ගේ දස හැවිරිදි පුතාට ඩවුන් සින්ඩ්‍රෝමය ඇති බැවින් ඔස්ට්‍රේලියාව හැර යාමට මාසයකට වඩා අඩු කාලයක් ලබා දුන් පර්ත්හි පදිංචි Kollikkara පවුල පිටුවහල් කිරීම වැළැක්වීමට අමාත්‍ය Andrew Giles පසුගිය මාර්තු මාසයේදී පුද්ගලිකව මැදිහත් වූයේය.
නමුත් මෙම සිත් පිත් නැති ප්‍රතිපත්තිය මුළුමනින්ම ඉවත් කරන ලෙස ග්‍රීන්ස් පක්ෂය කම්කරු පක්ෂ රජයට බල කරමින් සිටියි.

මෙවැනි බරපතල වෙනස්කොට සැලකීම් ඉතිහාසයේ කුණු කූඩයට එක් කළ යුතු බව ආගමන කටයුට්ග්හු පිළිබඳ ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රකාශක Nick McKim, SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
"ඇතැම් අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ දරුවෙකු සිටින පවුලක්, එම දරුවා ආබාධිත නිසා පිටුවහල් කිරීමේ අවදානමකට ලක්වීම අවිඥානිකයි. අපි එය වෙනස් කළ යුතුයි." ලෙස ඔහු ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අවශ්‍යතාවය අසමත් වීම නිසා පුද්ගලයෙකුගේ වීසා අයදුම්පත ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප කිරීම නොවන බවත්, බොහෝ දෙනෙකුට නිදහස් කිරීම් ලබා ගත හැකි බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ප්‍රකාශකයෙකු අවධාරණය කළේය.
එලෙස නිදහස් කිරීම් ලබාගැනීමට නොහැකි වූ අයට Administrative Appeals Tribunal හෙවත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව හරහාද අභියාචනා කළ හැකි බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්කරුවන්ගෙන් 99% කට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලන බවද දෙපාර්තමේන්තුව පැවසීය.

සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ තර්ජනයට ලක් වන්නේ ඇයි?
ග්‍රීන්ස් පක්ෂය මේ සඳහා යෝජනා කරන පනත් කෙටුම්පත මගින් වීසා හිමිකම් තක්සේරු කිරීම සඳහා significant cost threshold (SCT) හෙවත් සැලකිය යුතු පිරිවැය සීමාව භාවිතා කිරීම වලක්වනු ඇත.
SCT අනුව වීසා අයදුම්කරු හෝ ඔහුගේ යැපෙන්නන් රැකබලා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නාට දශකයක් පුරා ඩොලර් 51,000 ක් හෝ වාර්ෂිකව ඩොලර් 5,100 ක් වැය වන්නේ නම් වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කළ හැකිය.
කැනඩාවේ එය ඩොලර් 270,000 ක් සහ නවසීලන්තයේ ඩොලර් 150,000 ක් පමණ වන අතර එම රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ SCT සීමාව ඉතාම අඩු මට්ටමක පවතී.
ග්‍රීන්ස් පක්ෂයට මෙය මුළුමනින්ම ඉවත් කිරීමට අවශ්‍ය වුවත්, කම්කරු පක්ෂය ඊට විරුද්ධ නම් ඔස්ට්‍රේලියාවේ එම සීමාව ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡාවකට විවෘත බව ග්‍රීන්ස් පක්ෂයේ McKim පැවසීය.
සදාචාරාත්මක හේතු මත පමණක් නොව ආර්ථික හේතු මත ද මෙම ප්‍රතිපත්තිය විවේචනයට ලක්ව ඇත.
බොහෝ දෙමව්පියන් අදාළ SCT සීමාවට වඩා බෙහෙවින් වැඩි දායකත්වයක් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සපයයි.
Kollikkara පවුල සම්බන්ධයෙන් ගත් කල, දෙමාපියන් දෙදෙනාම රැකියාව කළේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ශ්‍රමික්යින්ව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන ඉහළ නිපුණතා සහිත සේවා අංශවල ය.
ඒ අනුව විශේෂයෙන්ම එවැනි පවුල් සඳහා මෙය ඉතා අසාධාරණ බවද McKim පැවසීය.

අමාත්‍යවරයාගේ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ හා ආශ්‍රිත විශේෂඥයින් සහ සජීවී අත්දැකීම් ඇති අය සමඟ සම්බන්ධ වී සිටින බව අවධාරනය කරමින්, මේ පිළිබඳ කිරීමට යම් කාර්යයක් ඇති බව මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පිළිගත්තේය.
අමාත්‍යවරයාගේ මැදිහත්වීම හරහා වීසා ක්‍රමයට මැදිහත් වීමට තමා ගන්නා පෞද්ගලික තීරණවල සෑම සතියකම පාහේ මෙය දකින බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය "බොහෝ දුරට වෙනස් කොට සැලකීම මත පදනම් විය හැකි" නීතිය අදාළ සංස්කෘතිය සකසන බව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට මුහුණ දෙන පවුල් සමඟ වැඩ කරන ප්‍රජා උපදේශක Suresh Rajan පැවසුවේය.
ඔබ ආබාධිත පුද්ගලයෙක් නම්, කෙසේ හෝ ඔබ ප්‍රජාවේ අනෙක් සියල්ලන්ට වඩා පහත් මට්ටමක සිටින බවට එය ඇත්තෙන්ම පණිවිඩයක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්ගේ මැදිහත්වීම මේ සඳහා ඇති අවසාන විසඳුම බවද ඔහු සඳහන් කළේය.
ඔවුන්ගේ වීසා ඉල්ලුම්පත්‍රය සහ නීතිමය අභියාචනය ක්‍රියාත්මක වීමත් සමඟ පවුල් බොහෝ විට අවුල් සහගත තත්වයක සිටින බව එයින් අදහස් කරන බවද මෙයින් මිනිසුන්ට සිදු වන හානිය අතිමහත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

