SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.5% දක්වා පහතට.

Unemployment rate
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.5% දක්වා පහත බැස ඇති බව වාර්තා වේ.

ඉකුත් මැයි මාසයේ තවත් රැකියා 42,200 ක් බිහිවීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බව සඳහන්.

මීට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.7% මට්ටමේ තිබිණි.

ගෙවී ගිය මාසය තුළ පූර්ණ කාලීන රැකියා 52,000 කින් ඉහළ ගොස් ඇති නමුත් අර්ධ කාලීන රැකියා 10,000 කින් පහත බැස තිබේ.

මෙය පූර්ණ කාලීන රැකියා නොකඩවා  ඉහළ ගිය අටවන වාරය වන අතර 2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට වැඩි වූ පූර්ණ කාලීන රැකියා ප්‍රමාණය 124,000 ක් බව ගණන් බලා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now