ඔස්ට්‍රේලියාවට පැමිණි චීන අන්තර්ජාතික සිසුන් පිරිසක් ගුවන් තොටුපොල වල නවතා ගැනීම නිසා එම සිසුන් මානසික ආතතියට ලක්ව ඇති බවට විශ්ව විද්‍යාල පවසනවා. Universities Australia සංගමය පවසන්නේ කොරෝනා වයිරසය නිසා සිඩ්නි ගුවන් තොටුපොළට පැමිණුන සිසුන් පැය ගණනක් ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඇති බවයි. සෙනසුරාදා රජය විසින් චීනයේ සිට විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කිරීම නිසා මෙසේ චීනයේ සිට පැමිණි අන්තර්ජාතික සිසුන් 70කට පමණ ගුවන් තොටුපොළේ සිරවීමට සිදු විය.
බ්‍රිස්බන් හා මෙල්බන් ගුවන් තොටුපොල වලද සිසුන් ප්‍රශ්න කිරීම සිදු වුනා. එසේම ඔවුන්ට ආහාර ලබා නොදී ඔවුන්ගේ ගමන් මලු ලබා නොදෙමින් නිලධාරීන් කටයුතු කල බවද වාර්තා වේ. Universities Australia සභාපතිනි Catriona Jackson පවසන්නේ මෙම සම්බන්ධව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton මහතා වෙත සැළ කල බවත් රජයෙන් නිල වශයෙන් මේ පිළිබද සමාව ගැනීම කල යුතු බවයි.
ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාව කෙරේ විශ්වාසය තබා පැමිණෙන සිසුන්ට මෙසේ සැලකීම පිළිගත නොහැකි බවයි. සමහර සිසුන් ගෙන ආ රෙදි පිළිද ඉවත් කොට ඇති බවට ඇය පවසයි. එසේම සමහර රෙගු නිලධාරීන් ඔවුන්ගේ වීසා අහෝසි බව පැවසීම නිසා සිසුන් කලබලයට පත්ව තිබේ.
වීසා පිළිබද ගැටළු
මොවුන්ගේ වීසා අහෝසි වී නැති බවත්, ඒවා තාවකාලිකව තහනම් කොට ඇති බවත් වාර්තා වන අතර ඔවුන් නැවත වීසා සදහා මුදල් ගෙවිය යුතු වන්නේ නැහැ. නමුත් නිවැරදි තොරතුරු අමාත්‍යවරයා විසින් ඔවුන්ට ලබා දිය යුතු බව ඇය පවසනවා.
ස්වදේශ කටයුතු අමාත්යංශය ප්‍රකාශ කොට ඇත්තේ මෙහිදී සියලු ඕස්ට්‍රේලියානු වැසියන්, හෙවත් පුරවැසියන් , ස්ථිර පදිංචි කරුවන් හා තාවකාලික පුරවැසියන් ගේ ආරක්ෂාව පිලිබදව රජය මුලිකත්වය දෙන බවයි.
Australian Border Force කොමසාරිස්වරයා විසින් ගත තීරනය අනුව බොහෝ දෙනාට ගුවන් තොටුපලේදී මෙම තත්වයට මුහුණ දී ඔවුන් නිදහස් කරන තුරු serviced apartments වල රැදී සිවීමට සිදුවී තිබේ. මෙම සිසුන්ද එසේ දින 14ක් නිරෝධානයන සදහා යොමු කල බවත් ඔවුන්ගේ වීසා විකල්පයන් පිළිබද සාකච්චා කරන බවත් දෙපාර්තමේන්තුව පවසයි
ආපසු හැරී යාමට සිදුවීම
Darren Shen පවසන්නේ ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙකුට මෙසේ සිඩ්නි ගුවන් තොටුපොළට පැමිණ නැවත ආපසු යාමට සිදු වූ බවයි. ඔවුන් වුහාන් නුවරට නොගිය අය බවත්, වුහාන් වලින් ඇතින් වෙසෙන පුද්ගලයන්ද වන බවයි. ඔවුන්ගේ මුදල් අපතේ යාමක් සිදු වූ බවද ඔහු පවසනවා
මෙම අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍ය Dan Tehan විසින් Universities Australia සමග රැස්වීමකට එක් වෙමින් ඔස්ට්‍රේලියාව සිසුන් අතර නරක ප්‍රතිරූපයක් නොමවෙන ලෙස කටයුතු කිරීම පිළිබද සාකච්චා කොට තිබේ. ඔහු පවසා ඇත්තේ දින 14ක් නිරෝධායනයට එක් වීම හෝ නැවත චීනයට ගියද ඔවුන්ට online ක්‍රම යටතේ අධ්‍යාපනය ලබා ගැනීමට කටයුතු කල යුතු බව අමාත්‍යවරයා පවසා තිබේ.
මේ අතර සිඩ්නි විශ්ව විද්‍යාලය පාටමාලා පටන් ගැනීම මාර්තු 9 වැනිදා තෙක් දිගු කරන ලෙසට අත්සන් 4000ක් රැගත් පෙත්සමක්ද ඉදිරිපත් වෙමින් තිබේ. ඕස්ට්‍රේලියාවේ චීන අන්තර්ජාතික සිසුන් 189,000ක් පමණ සිටින අතර එයින් 155,000ක් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබයි. වසර 2018-2019 දී ජාත්‍යන්තර සිසුන් නිසා ඩොලර් බිලියන 37.6ක් ඔස්ට්‍රේලියාවට ලැබී තිබේ.
Source: SBS News

