SKIP TO MAIN CONTENT

යෝජිත ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන සංශෝධන සෙනට් සභාව ප්‍රතික්ෂේප කරයි.

Australian Tertiary Education
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ආයතන වල ගාස්තු වැඩි කිරීමටත් ඇතැම් අධ්‍යාපන කේෂේත්‍ර සදහා ලබාදෙන ප්‍රතිපාදන කපා දැමීමටත් රජය විසින් ඉදිරිපත් කර තිබු යෝජනාව සෙනෙට් සභාවේදී ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම යෝජනාව සම්මත කරගැනීම සදහා රජය ස්වාධින සෙනෙට් සභිකයින්ගේ සහාය  බලාපොරොත්තු වූ නමුත්, ඒ සදහා අවශ්‍ය සහාය  ලබාගැනීමට රජය අසමත් වී ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල සදහා ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරිම, ශිෂ්‍ය ගාස්තු ඉහල දැමීම සහ  HECS-HELP ශිෂ්‍ය ණය  ක්‍රමවේදය සංශෝධනය කිරීම මෙම සංශෝධන වලට ඇතුලත්.

මෙම සංශෝධන සදහා තම කණ්ඩායම සහාය  නොදක්වන බව Nick Xenophon  ගේ සෙනට් කණ්ඩායම ප්‍රකාශ කර තිබිණි.

Nick Xenophon ගේ කණ්ඩායම අදාළ යෝජනා සදහා සහාය  නොදැක්වීමට ගත්  තීරණය, බුද්ධිමත් ක්‍රියාවක් බව Universities Australia සංවිධානයේ Belinda Robinson, ABC මාධ්‍ය ජාලයට  ප්‍රකාශ කළාය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now