SKIP TO MAIN CONTENT

UNP ඡන්ද වලින් විතරක් මෛත්‍රී ආවේ නැහැ : S.B. දිසානායක.

Maithree didn’t came only through the UNP votes : S.B. Dissanayake.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මහ බැංකු මුදල් වංචාව පිළිබදව  පරීක්ෂණ පවත්වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන්  විවිධ ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

දුෂණය, වංචාව, නාස්තිය අත්හිටුවන බව පවසමින් බලයට පත්වන මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය පමණක් නොව යහපාලන ආණ්ඩුවක් අපේක්ෂා කළ එක්සත් ජාතික පක්ෂයේත් නොවන, වෙනත් සුළු ජාතික පක්ෂවලටත් අයත් නොවන, කිසිදු දිනක එක්සත් ජාතික පක්ෂයට ඡන්ද නොදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඇතුලුව ඡන්ද ලක්ෂ 13ක් පමණ හිමිවූ බව අමාත්‍යවරයා කීවේය.

ඒ නිසා ඡනාධිපතිවරයාගේ බලය පිළිබදව සිය පක්ෂයේ ඡන්ද පමණක් ලැබුණා යැයි තැන තැන පැවසීම එතරම් සදාචාර සම්පන්න නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීම නිමිත්තෙන් පේරාදෙණියේදී ඊයේ (13/01) පැවැති අපේක්ෂක හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now