SKIP TO MAIN CONTENT

විජයදාසට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකමතිකව සම්මත වෙයි.

UNP adopt No-Confidence motion against Wijeydasa.
Source: Sunday Observer

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (17/08) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි අධිකරණ ඇමැති  විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය.  

පැය දෙකක් පුරාවට මෙම සාකච්ඡා පැවති බව සඳහන්.

පසුගිය රජය සමයේ සිදුවූවා යයි කියන දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා එහිදී පැවසුවද එය කිසිවකු පිළිනොගත් බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now