SKIP TO MAIN CONTENT

කොලොම්බියාවේ නාය යාමෙන් මිය ගිය පිරිස 210 දක්වා ඉහළට. අත්රුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම්.

Colombia  mudslide
Source: EFE/COLOMBIAN ARMY

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කොලොම්බියාවේ ඊයේ (02/04) හටගත් දරුණු නාය යාම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 210 ක පමණ  පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාය යාම හේතුවෙන් කොලොම්බ්යාවේ Mocoa නගරයට දැඩි හානි සිදුව ඇති අතර මඩෙහි සිරවූ පිරිස් සුන් බුන් සහ මඩ රොඩු අතරින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

කොලොම්බියාවේ Amazon කලාපයේ පිහිටා තිබෙන Mocoa නගරයේ 40,000 ක පමණ පිරිසක් ජීවත් වන බව වාර්තා වේ.

ප්‍රදේශයේ ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා තුනක් පිටාර ගැලීම නිසා මෙම නාය යාම සිදුව ඇති අතර මේ පිළිබඳ සිකුරාදා රාත්‍රියේ අනතුරු අඟවා තිබුණි.

මෙම අනතුරින් නිවාස, පාලම්, වාහන සහ ගස් විනාශ වී ඇති අතර ඝනකම් වූ මඩ අතරේ ඒවා යටවී ගොස් තිබේ.

නාය යාමෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 200ක් බව කොලොම්බියානු රතු කුරුස සංවිධානය තහවුරු කර ඇති නමුත් තවත් කොපමණ සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇතිදැයි අපැහැදිලි බවද වාර්තා වේ.

මෙම විපතින් පුද්ගලයින් 203 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පවුල් 300 ක් පමණ මෙමගින් විපතට පත්වී ඇති බවද කොලොම්බියානු රතු කුරුස සංවිධානය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now