SKIP TO MAIN CONTENT

ගීතා වගේ තවත් අය පාර්ලිමේන්තුවේ ඉන්නවා - දයාසිරි ජයසේකර.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි  ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිබව හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

එයින් ද ඇයට මන්ත‍්‍රී ධුරය දැරිය නොහැකි බවට තීන්දුවක් ලැබුණහොත් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය ඇති තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම මෙය බලපානු ඇතැයි ඇමතිවරයා කීවේය.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (03/05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now