ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට (SBS සිංහල/වාර්තා)

Sri Lanka's Upul Tharanga plays a shot against Australia during their fifth one day international cricket match in Pallekele, Sri Lanka, Sunday, Sept. 4, 2016. (AP Photo/Eranga Jayawardena)

Sri Lanka's Upul Tharanga plays a shot against Australia during their fifth one day international cricket match in Pallekele, Sri Lanka, Sunday, Sept. 4, 2016. Source: (AP Photo/Eranga Jayawardena)

සිම්බාබ්වේ ශ්‍රී ලංකා ටෙස්ට්  තරගාවලියෙන් පසුව පැවැත්වෙන  තුන්කොන් එක දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමට නායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා  ආයතනය තීරණය කර තිබේ. මෙම තුන්කොන් එක දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ දේශය සහ බටහිර ඉන්දීය කොදෙව්  අතර පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් අබාධ වලට ලක්ව ඇති අතර, මේ නිසා මෙලෙස එක දින කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කොට ඇති බව සදහන්. ශ්‍රී ලංකා එක දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් ජනිත් පෙරේරා හට හිමිවනු ඇති බව සදහන්. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට  ලක් වීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදීමේ වගකීම රංගන හේරත්ට හිමි වූ අතර, තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී උපුල් තරග ශතකයක් වාර්තා කරන්නට සමත් වූ අතර, වසර 10කට පමණ පසුව ඔහුගේ පිත්තෙන් ශතකයක් වාර්තා වූ පළමු වතාව මෙය බව සදහන්.

 

සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත තුන්කොන් එක දින ක්‍රිකට් තරගාවලිය සදහා, 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මේ වන විට නම් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරද  සංචිතයට එක්  කර තිබීම විශේෂ කාරණයක්. නුවන් කුලසේකර අවසන් වතාවට ශ්‍රී ලංකා එක දින කණඩායමට එක්  වුයේ, මේ වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නවසිලන්ත සංචාරයේදී  වන අතර, මේ වසරේ ජුනි මාසයේදී ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා  බව නිවේදනය කළේය. මීට පෙර අබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණඩායමෙන් ඉවත් කර තිබු, ජෙෆ්රි වැන්ඩසේ ද ශ්‍රී ලංකා එක්  දින සංචිතයට එක් කොට ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සහ වේග පන්දු  යවන ක්‍රීඩක  ලහිරු  කුමාරද සංචිතයට එක්  කර තිබේ.

ශ්‍රී ලංකා එක් දින සංචිතය

ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා , නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග (නායක ) කුසල් මෙන්ඩිස් , ෂෙහාන් ජයසුරිය , අසේල ගුණරත්න , සචිත් පතිරණ , නුවන් කුලසේකර , දසුන් චානක, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර , සුරංග ,ලක්මාල්  ලක්ෂාන්  සදකැන්,  ජෙෆ්රි වැන්ඩසේ

 

ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, කොදෙව් තුන්කොන් එක්  දින ක්‍රිකට් තරගාවලිය එළබෙන 14දා  (නොවැම්බර් 14දා ) හරාරේ හිදී ආරම්භ වීමට නියමිතයි

තරග කාල සටහන

නොවැම්බර් 14 - ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ - හරාරේ

නොවැම්බර් 16- ශ්‍රී ලංකාව - බටහිර ඉන්දීය කොදෙව්  - හරාරේ

නොවැම්බර් 21 - ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ - බුලවායෝ

නොවැම්බර් 23 - ශ්‍රී ලංකාව - බටහිර ඉන්දීය කොදෙව් -  බුලවායෝ

(තරග ආරම්භය - ඕස්ට්‍රේලියානු AEDT වේලාවට අනුව සවස 6, ශ්‍රී ලංකා වෙලාවට අනුව දහවල් 12:30)


3 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: Sri Lanka Cricket, espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now