SKIP TO MAIN CONTENT

සියලු බෝම්බ වල මව් බෝම්බයෙන් ඇමරිකාව, IS සාමාජිකයින් ට සළකයි.

US drops 'mother of all bombs'
Source: DOD

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

යුද්ධයකදී ඇමෙරිකාව මෙතෙක් භාවිතා කළ න්‍යෂ්ඨික නොවන විශාලතම බෝම්බය වන  GBU-43 ඊයේ (13/04) දිනයේදී නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ IS සංවිධානයේ සාමාජිකයින් සැඟවී සිටින බවට සැක පළ කෙරෙන ගුහා ආශ්‍රිත ප්‍රදේශයකට එල්ල කර තිබේ.

ඉතිහාසය තුළ යුද්ධයකදී මෙවැනි සුවිසල් බෝම්බයක් ඇමෙරිකාව එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පාකිස්තාන දේශ සීමාවට ආසන්නව පිහිටි ඇෆ්ගනිස්ථානයේ Nangarhar පළාතේ Achin  දිස්ත්‍රික්කය වෙත ඇමෙරිකාවට අයත් MC-130 ගුවන් යානයෙන් මෙම බෝම්බය හෙළා තිබේ.

මෙම GBU-43 බෝම්බය කිලෝ ග්‍රෑම් 9797 ක් බර අතර එය ප්‍රථම වරට පරීක්ෂා කරනු ලැබුවේ ඉරාක යුද්ධය ආරම්භවීමට පෙර  2003 වසරේ මාර්තු මාසයේදීය.

"සියලු බෝම්බ වල මව් බෝම්බය" ලෙසද මෙය හැඳින්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now