SKIP TO MAIN CONTENT

දකුණු නිව් සවුත් වේල්ස් හි ලැව් ගිනි නිවන ගුවන් යානයක් කඩා වැටී 3න් දෙනෙකු මරුට (SBS සිංහල / වාර්තා)

s
Source: AAP

1 min read

Published

By Charitha Adikari


Skip to article content

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි නිවීම සදහා යවා තිබු ගුවන් යානාවක් කඩා වැටී ඇමෙරිකානු ජාතිකයන් 3 දෙනෙකු මිය ගොස් ඇත. NSW අග්‍රාමාත්‍ය Gladys Berejiklian මෙම මරණ තහවුරු කොට තිබේ. ඇය මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත්තේ මෙම ජීවිතක්ෂයට පත් වුවන්ගේ පවුල් වලට කනගාටුව ප්‍රකාශ කරන බවයි.

Hercules C -130 නම් මෙම යානය ප්‍රාන්තයේ වසර ගණනක් ගිනි නිවන සේවාවේ යෙදී තිබුනේ Coulson Aviation සමාගම් කොන්ත්රාත්තුවක්  යටතේ. NSW Rural Fire Service හි කොමසාරිස් Shane Fitzsimmons පවසන්නේ මෙම අනතුරට නිසැක හේතුව තවමත් සොයා ගෙන නොමැති බව. මෙම යානය බිම පතිත වීමේදී විශාල ගිනි ජාලාවක් ඇති වූ බවද මෙම අනතුරට ලක් වූ යානයේ සිටි තිදෙනා කාගේත් ආදරය දිනා ගත සේවකයන් බවද Fitzsimmons මහතා පවසා තිබේ.

ඔවුන් ඉතා පළපුරුදු නියමුවන් වූ බවද සදහන්.

මේ අනතුරෙන් පසුව Coulson සමාගම ඔවුන්ගේ ගිනි නිවන යානා සියල්ල මේ වන විට පියාසර කිරීම අත්හිටුවා තිබේ.

මෙම ප්‍රදේශයේ භුමියේද ගිනි නිවන නිලධාරීන් රැසක් සේවයේ යෙදේ. මෙම යානය සමග සම්බන්දතාව Snowy Monaro ප්‍රදේශයේදී අත්හැරී තිබේ. මෙම මිය ගිය පුද්ගලයින්ගේ නම් තවමත් හෙළි කොට නොමැත.

අග්‍රාමාත්‍ය Scott Morrison ද මේ පිළිබද සිය කනගාටුව පල කොට ඇත

Source: SBS News

s
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now