ඇමෙරිකානු ජනාධිපති Donald Trump ට සහ බිරිඳ Melania ට කොරෝනා වැළඳේ

US President Donald Trump and First Lady Melania Trump have tested positive to COVID-19.

US President Donald Trump and First Lady Melania Trump have tested positive to COVID-19. Source: AP

ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania Trump COVID-19 වයිරසයට ධනාත්මක වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ නිවේදනය කර ඇත.

Donald Trump ගේ සමීපතම උපදේශිකාවක් ලෙස කටයුතු කරන Hope Hicks හට කොරෝනා වයිරසය වැළඳීමෙන් අනතුරුව Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania Trump කොරෝනා පරීක්ෂාව සිදු කරගෙන තිබේ.

එම පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

තමන් සහ තම බිරිඳ ස්වයං නිරෝධායනය වීම හැකි ඉක්මණින් ආරම්භ කරන බවද Donald Trump සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයට මසක් පමණ කාලයක් තිබියදී Donald Trump හට කොරෝනා වයිරසය ආසාදනය වීම විශේෂ පුවතක් වී තිබේ.

 


Share

1 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now