SKIP TO MAIN CONTENT

කොන්ග්‍රස් මණ්ඩලය අනුමත කළ රුසියාවට එරෙහි සම්බාධක සඳහා ඇමෙරිකානු ජනාධිපති අත්සන් තබයි.

US president Donald Trump approves sanctions against Russia
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

රුසියාවට එරෙහිව ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය පසුගිය සතියේ පැනවූ නව සම්බාධක සඳහා ඇමෙරිකානු ජනාධිපති Donald Trump අත්සන් තබා ඇති බව වාර්තා වේ.

නමුත් මෙය ව්‍යවස්ථා විරෝධී බවට පවසමින් අදාළ නීති පැනවීම ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් විවේචනය කර තිබේ.

රුසියාව මෙන්ම ඉරානය සහ උතුරු කොරියාව සමග ඔහු සබඳතා ගොඩ නගා ගැනීමට යන අවස්තාවේදී මෙම ක්‍රියාව දැඩි ලෙස බලපාන බවද සඳහන්.

රිපබ්ලිකන් පක්ෂයේ බහුතර මෙහෙයවීමක් ඇති ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අනුමත කළ මෙම නීතිය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි වීමටද ඉඩ තිබු බව වාර්තා වේ.

මේ අතර ඇමෙරිකාව විසින් රුසියාවට පැනවූ සම්බාධක හුදෙක් මහා පරිමාණයේ වෙළෙඳ යුද්ධයක් බව රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් පවසයි.

ට්‍රම්ප් පාලනය සම්පූර්ණයෙන්ම බලරහිත බව මෙම සම්බාධක වලින් පෙනී යන බව ඔහු තම Facebook ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙම නව සම්බාධක හේතුවෙන් රුසියානු ප්‍රතිපත්ති වල කිසිදු වෙනස්කමක් සිදු නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now