ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අතර නිල හමුව ඊයේ දිනයේදී පැවැත්වූ අතර මෙහිදී ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව ඇමරිකාව ක්‍රියාකරන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රතිඥා දී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කොට ඇත්තේ ණය ගැනීමෙන් නොව විදේශ යෝජනා ආකර්ෂණය කරගැනීමෙන් ඉහල ආර්ථික වර්ධනයක් ඇත් කරගැනීම රජයේ අපේක්ෂාව වන බවයි.
දෙරට අතර ආරක්ෂාව පිළිබඳව සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට සහ අන්තර්ජාතික වේදිකාවන්හිදී මානව හිමිකම් පිලිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමටද මෙම හමුවේදී දෙපාර්ශවයම එකඟත්වය පලකොට තිබේ.
ශ්‍රී ලංකා ජනපතිවරයා හමුවීමෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චා සිදු කෙරිණ. එහිදී සියලු ශ්‍රී ලාංකිකයින්ට තිරසාර ප්‍රතිලාභ හිමිවන වර්ධනයක් වෙනුවෙන් සෞක්‍ය , මානුෂීය සහ ආර්ථිකය පිළිබඳව අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කොට තිබේ.
ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරයේ එක් ඉලක්කයක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගිය ඇමරිකානු රජ්‍යලේකම්වරයා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහි කරමින් එම ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබීය
මේ සම්බන්ධයෙන් Twitter පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කොට ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමරිකාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.

