SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේදී තවත් වෙඩි තැබීමක් : රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු තුවාල ලබයි.

US shooting
US shooting Source: The New York Times

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේදී තවත් වෙඩි තැබීමකින් එරට රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු තුවාල ලබයි. ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල සභිකයින් අතර වාර්ෂිකව පැවැත්වෙන බේස්බෝල් තරගය සඳහා රිපබ්ලිකන් පක්ෂ සභිකයින් පුහුණුවෙමින් සිටින අවස්ථාවකදී එම ස්ථානයට හදිසියේ කඩාවැදුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබිම සිදුකොට ඇත.

මෙහිදී  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාවන ස්ටීව් ස්කැලිස් ට වෙඩි වැදී තිබෙන අතර ඔහු මේ වනවිට රෝහල් ගතකොට තිබේ. එසේම තවත් නීති නිලධාරින් දෙදෙනෙකුටද වෙදිවාදී තිබේ. තුවක්කුකරු සමග පොලිසිය සිදුකල වෙඩි හුවමාරුවේදී ඔහු මරුමුවට පත්ව තිබේ.

වෙඩි තැබූ පුද්ගලයා හොජ්කින්සන් නමැති වයස අවුරුදු 66 ක පුද්ගලයෙකු බවද මොහු උග්‍ර රිපබ්ලිකන් මතවාදී විරෝදියෙකු බවටද හඳුනාගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now