මුස්ලිම් රටවල් හයට ට්‍රම්ප් දැමූ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය.

US Supreme Court allows limited Trump travel ban

Source: SBS

මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට ඇමෙරිකාවට පැමිණීමේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පසුගියදා පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය සීමාසහිතව අවසර දී තිබේ.

කෙසේ නමුත් ට්‍රම්ප් මහතාගේ විධායක නියෝගය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී නැත.

ඇමෙරිකා ජනාධිපතිවරයා මාර්තු 6 වැනිදා රටවල් හයක සංචාරකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් දුන් විධායක නියෝගය අත්හිටුවමින් එරට පහළ අධිකරණ රැසක් අතුරු නියෝග ලබා දුන්නේය.

එම අතුරු නියෝග ලිහිල් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය දුන්න ද ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්ව ගෙවීගිය මුල් මාස කිහිපයේදී අත්සන් තැබූ විධායක නියෝග සහ ප්‍රතිපත්තිවල නෛතිකභාවය සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේදී විවාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉරානය, ලිබියාව, සුඩානය, සිරියාව, සෝමාලියාව සහ යේමානය යන රටවල සංචාරකයන්ට දින 90ක සංචාරක තහනමක් ද ඇමෙරිකාවේ සිටින සියලු සරණාගතයන්ට දින 120ක තහනමක් ද පනවමින් ඉකුත් මාර්තු 6 වැනිදා ට්‍රම්ප් මහතා විධායක නියෝගයකට අත්සන් තැබීය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ ඊයේ (26/06) දිනයේ  වන අතර නියෝගය දුන් මොහොතේ සිට පැය 72කින් එය ක්‍රියාත්මක වනු ඇත.

තහනමට ලක්වී ඇති  ඉහත සඳහන් රටවල සිටින සංක්‍රමණිකයින් සහ සරණාගතයින් තමන් අමෙරිකාවත් සමග ඇති සම්බන්ධය කුමක්දැයි ඔප්පු කළ යුතු වේ.

පවුලේ සම්බන්ධයක් හෝ පාසල් යාමක් හෝ රැකියාවක් කිරීම වැනි දේ මගින් එය ඔප්පු කිරීමට හැකි වේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now