ඇමෙරිකානු විරෝධතාකරුවන්ට බියෙන් ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයට

US President Donald J. Trump walks from the White House to pose with a bible outside St. John's Episcopal Church.

US President Donald J. Trump walks from the White House to pose with a bible outside St. John's Episcopal Church. Source: EPA

ඇමෙරිකාවේ මිනියැපොලිස් නුවර ඇමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු වු ජෝජ් ෆ්ලොයිඩ් ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය අභියසට ද පැමිණ ඇත.

ධවල මන්දිරය පිහිටි ප්‍රදේශය ඇතුළු වොෂින්ටනයේ සුප්‍රකට ස්මාරක ඇතුළු උද්‍යාන පිහිටි ප්‍රදේශ දුමාරයෙන් පිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමකාමී අයුරින් ආරම්භ වූ මෙම විරෝධතා පසුව ප්‍රකෝපකාරී ස්වභාවයක් ගත් බවත් විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ පහළ ආරක්ෂිත බංකරයේ සැඟවුණු බවත් වාර්තා වේ.

ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අවස්ථාවේදී ජනාධිපතිවරයා බංකරයට ගෙන ගොස් එහි රඳවා තබන්නැයි ජනපති ආරක්ෂක නිලධාරීන් උපදෙස් දී ඇත.

ධවල මන්දිරයට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, ධුරයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම පහසුකම්වලින් සමන්විත මෙම භූගත බංකරය නිර්මාණය කර ඇත.

මේ අතර මෙම විරෝධතාකරුවන් මැඩලීමට ප්‍රාන්ත ප්‍රධානීන් ගෙන ඇති පියවර ඉතා දුර්වල බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රාන්ත ප්‍රධානීන් හට දොස් පවරා තිබේ.

විරෝධතා පැවැත්වෙන ඇමෙරිකාවේ සෑම මාර්ගයකම ඇමෙරිකානු ජාතික ආරක්ෂක බලකාය අනියුක්ත කරනු දැකීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවශ්‍ය බව ධවල මන්දිර ප්‍රවුර්ත්ති ලේකම් Kayleigh McEnamy  පැවසුවාය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now