SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමෙරිකාව සැරසෙයි.

U.N. Security Council
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සූදානම් විය යුතු බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump  පවසයි.

උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධව ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඇති තත්ත්වය කෙමෙන් කෙමෙන් උත්සන්න වෙමින් පවතී.

උතුරු කොරියාව මුළු ලෝකයටම ප්‍රශ්නයක් බවත් එය විසඳිය යුතු බවත් ඇමෙරිකානු ජනාධිපති Donald Trump  පවසයි.

එක්සත් ජාතීන්ගේ සංගමය හරහා උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක තවත් තර කිරීමට ඇමෙරිකාවට අවශ්‍යවී ඇති අතර චීනය පසින්ද පීඩනයක් එල්ල කළ යුතු බව ඇමෙරිකාව සිතයි.

එමෙන්ම මේ සඳහා යුදමය විකල්පයක්ද ඇති බව  ඇමෙරිකාවේ සුපිරි යුද ගුවන් යානා සහිත යුද නෞකාව වන කාල් වින්සන් නෞකාව  කොරියානු අර්ධද්වීපය දෙසට යැවීමෙන් ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now